කොරෝනා වෛරසයේ විමලුත් පැටලේ !

කොරෝනා වෛරසයේ විමලුත් පැටලේ !

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශය එනම් වෛරසය පැතිරීමේ කේන්ද්‍රීය ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති ප්‍රාන්තය වන  වූහාන් (Wuhan) ප්‍රාන්තය ආසන්නයේ  සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව දීම වෙනුවට ඊට බොහෝ ඈතින් සිටින ප්‍රදේශවල සිසුන් කැඳවීම ගැටළු සහගත බව  ඇතැමුන්ගේ අදහස වී තිබේ‍ෙ

මේ සම්බන්ධව ට්වීටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අදහස් දක්වන අයෝමා කොබ්බෑකඩුව ප්‍රශ්න කර සිටින්නේ බලපෑම වැඩියෙන්ම තිබූ වූහාන් ප්‍රදේශයට ආසන්න සිසුන් වෙත ප්‍රමුඛතාව ලබාදීම වැදගත් වුවත් ඊට කිලෝ මීටර් දහසකට පමණ ඈතින් පිහිටි  සිචුආන් (Sichuan) ප්‍රාන්තයේ සිටින සිසුන් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීම පිටුපස අමාත්‍ය විමල් වීරවංශගේ පුතා එම ප්‍රාන්තයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම හේතුවීද යන්නයි.

ඒ සම්බන්ධව ඇය තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

ayoma

එසේම මේ පුවත සම්බන්ධව මේ වන විට සමාජ ජාල මාධ්‍ය අතර වැඩි අවධානයක් දිනාගනිමින් ඇති අතර වූහාන් ප්‍රාන්තය ආසන්න සීමාවේ වෙසෙන සිසුන්ට පානීය ජලය පවා දුෂ්කර වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් ඇත.

ඒ බව අයෝමා තබා ඇති ට්වීටර්  සටහනේද සඳහන් කර ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, චීනයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැන් යළි සිය රට බලා පැමිණෙමින් සිටින බවය. එසේම චීනයේ සිට පැමිණෙන සිසුන් හට සහනදායි වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කළත් ඊට හාත්පසින් වෙනස් තත්ත්වයක් ගැන තොරතුරු චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

IMG 20200128 WA0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න