රට පුරා face mask හිඟයක් : තොග සඟවා මිල නංවලා !

රට පුරා face mask හිඟයක් : තොග සඟවා මිල නංවලා !

රට පුරා ෆාමසි (ඔසුසල් ) සහ වෙළඳසැල්වල face mask  ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා අලෙවිසැල්වල සඟවාගෙන වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බවට චෝදනා නැගෙයි.

මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින අතර ඒ සම්බන්ධව වගකිවයුතු පාර්ශව උනන්දු නොවීම ගැනත් ජනතාව මැසිවිලි නගති.

පසුගිය කාලයේ සාමාන්‍ය face mask  රුපියල් 10කට අලෙවි වුවද එවැනි මුඛ ආවරණ රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ මිල ගණන් යටතේ විවිධ අලෙවිසැල්වල සඟවාගෙන අලෙවි කරන බවත් එක් වරක් පැමිණ මුඛ ආවාරණ මිලදී ගැනීමට විමසීමේදී අවසන් වී ඇතැයි දැනුම් දෙනබවත් ජනතාව පවසති.දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ඔසුසල් රැසකට ගොස් විමසීමේ දී එහි හිමිකරුවන් සහ වෙළඳ සහායකයින් කියා ඇත්තේ අධික ඉල්ලුම නිසා තොග සියල්ල අවසන් වී ඇති බවය.

face mask  ගෙන්වන ආයතනවලින් පවා ඇනවුම් කළ ද ඒවා නොමැති බව දැනුම් දී ඇති බව වෙළඳසැල් හිමිකරුවෝ කිති.

face mask  සොයා වෙළඳසැල්වලට එන ජනයා කලකිරීමට පත්ව යන බවද වෙළෙඳසැල් හිමියෝ වැඩිදුරටත් පවසති.

විදේශීය සංචාරකයන් මෙම තත්වය වාර්තා වීමත් සමග face mask  මිලදී ගැනීමට උනන්දුවක් දැක්වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් රට ගැන පවා දැඩි කලකිරීමෙන් යුතුව කතා කරන බවද සංචාරක මග පෙන්වන්නෝ කියති.

සීගිරිය දඹුල්ල හබරණ ආදී ප්‍රදේශවල විදේශීය සංචාරකයන් මේවා මිලදී ගැනීම වැඩි වී තිබෙන බවත් ඔවුහු කියති.

ජනතාව කියා සිටියේ දින ගණනාවකට පෙර සිට මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වෙද්දි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව ආණ්ඩුව කටයුතු කළ යුතු බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න