කොරෝනා වෛරසය සම්බන්ධව හදීසි තත්ත්වයක් සේ සලකා කටයුතු කරන ලෙස විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටින්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර එම නිවේදනය පහත දැක්වෙයි.
කොරොනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනය මෙන්ම ලෝකයම තිගැස්මකට ලක්ව තිබේ. SARS කුලයට අයත් මෙම වෛරසය මුලින්ම වාර්තා වූයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ය. ප්‍රතිජීවක වලට ප්‍රතිචාර නොදැක්වීම ද වඩාත් සැලකිල්ලට ගත යුතු මෙහි විශේෂ තත්ත්වයකි.
මෙම වෛරසය සම්බන්දව ශ්‍රීලංකාවද අවධානම් කලාපයක සිටින බවත් වහාම ඒ පිළිබදව රජය අවධානය යොමු කළ යුතු බවත් ම,විසින් පසුගියදා මුල් වරට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළෙමි.
ඒ වනවිට ලෝකයේම අවධානය මෙම ව්‍යසනය කෙරෙහි යොමුවී තිබූ අතර ශ්‍රී ලංකාව වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය,අමෙරිකාවේ ක්‍රියාත්මක රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) ඇතුලු පාර්ශව සමග සම්බන්ධීකරණය පවත්වමින් මේ ව්‍යසනයට විසදුම් සෙවිය යුතු බවද මම සදහන් කළෙමි .
අදාල වෛරසය ශරීරගතවී ඇති රෝගියෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමඟ අපේ රටද අවධානම් සහගත තත්ත්වයට පත්ව තිබේ.මේ මොහොතේ සමස්ථ ශ්‍රීලංකාව ආරක්ෂා කිරීම උදෙසා දේශපාලන මතිමතාන්තර ඉවත දමා වහාම සක්‍රීය මැදිහත් වීම ආණ්ඩුව ඇතුලු සියලු පාර්ශව වලට පැවරී තිබෙන වගකීමකි.·
විසිහතර පැයේ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කොට ශ්‍රී ලංකාව සෞඛ්‍යාරක්ෂිත දේශයක් කළ යුතුය. ·
චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබදව මූල්‍යමය රෙගුලාසිමත කටයුතු නොකර රජය මැදිහත් වී වහාම ශ්‍රීලංකාවට ගෙන්විය යුතුය. ·
එමෙන්ම ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂනයකට ලක් කළ යුතුය. ·
මෙරට සිටින චීන ජාතිකයින්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාවය පිළිබදව වහාම සොයා බැලීමට රජය කටයුතු කිරීම අත්‍යාවශ්‍ය ය. ·
රෝගී තත්ත්වය,ඉන් ආරක්ෂාවන ආකාරය යනාදිය පිළිබඳව සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුම්වත් කළ යුතුය. ·
හදිසි අවශ්‍යතාවයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීම කළ යුතුය. මේ ජාතික ව්‍යසනකාරී අවධානම් මොහොතේ අපවෙතින් ඉටුවිය යුතු සියලු වගකීම සහ මැදිහත් වීම සිදු කිරීමට අප සූදානම් බවද සඳහන් කරමු.
සජිත් ප්‍රේමදාස,
විපක්ෂ නායක.

