මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු මහජන බැංකු සභාපති මනෝ තිත්තවැල්ල මහතා අද ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වී ඇත. ඒ මෙල්බර්න් නුවර නුවර රෝහලක දී ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරියගේ ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන්ද 2003 - 2005 ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා, ක්ෂමා ආයතනයේ පළමු සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

පර්ක් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ තිත්තවැල්ල මහතා යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ද සේවය කළේය. එසේම සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ද වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න