වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල්පත් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත.
මේ සම්බන්ධව විදුලි පාරිභෝගිකයන් නිසි ලෙස දැනුවත් කර නොමැත.
නමුත් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ මත ගාස්තු වැඩිකිරීම සිදුකර ඇති බවත් මේ මිල සංශෝධනය නව ක්‍රමයක් බවත් ආණ්ඩු පාර්ශවය සඳහන් කරයි.
නව සංශෝධිත විදුලි ඒකක ගාස්තු මෙසේය.
රාත්‍රී 10 . 30 සිට පසුදා උදෑසන 5.30 දක්වා විදුලි ඒකකයක මිල රුපියල් 13.00,
උදෑසන 5.30 සිට සවස 6.30 දක්වා විදුලි ඒකකයක මිල රුපියල් 25.00,
සවස 6.30 සිට රාත්‍රී 10 .30 දක්වා විදුලි ඒකකයක මිල රුපියල් 54.00 ,
ඒ අනූව ඉදිරියේ විදුලි බිල්පත් ගාස්තු කිහිප ගුණයකින් ඉහළ යාමට නියමිත බව පාරිභෝගික සංගම්වල අදහස වී තිබේ. වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර විදුලි ඒකක සඳහා මිල නියම කළ ආකාරය තුළ අඩු ආදායම් පාරිභෝගිකයන් වෙත සහනයක් වූවත් නව ක්‍රමය තුළ ඔවුන්ට විදුලිය බලය භාවිතා නොකර සිටින තත්ත්වයකට බලකෙරී ඇති බවය.
පෙර පැවති ක්‍රමය තුළ විදුලි ඒකක 150ක් පාවිච්චි කරන නිවසක ඒකක ගාස්තු නියම වූයේ අවම ඒකක ගාස්තුව රුපියල් 7.85ක් සහ උපරිම ඒකක ගාස්තුව රුපියල් 32ක් වන ලෙස බවත් ඔවුන් සිහිපත් කරයි.
හොරෙන් ලයිට් කපලා මාට්ටු : ආයෙත් කපනවා !
එසේම ඊයේ (03) දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බල සැපයුම අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබිණ.
ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ලවූයේ පූර්ව දැනුම්දීමක් නොමැතිව එය සිදුකළ නිසාය.
ඒ හමුවේ හොරෙන් විදුලිය කැපීම ප්‍රසිද්ධියට පත්වූ අතර බලධාරීන් කියා සිටියේ පසුගිය ආණ්ඩුව විදුලි බලාගාර නොහැදූ නිසා මේ අර්බුදය මතුවූ බවය.
එසේම විදුලිබල මණ්ඩලය පවසා සිටියේ බල සැපයුම් පද්ධතිය ආරක්ෂා කිරීමට මේ සිදුකළ බවය.
අනතුරුව විදුලි සහ බලශක්ති අමාත්‍යවරයාගේ පාර්ශවය සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාව වෙත විදුලි බල මණ්ඩලය ගෙවීමට ඇති මුදල් නොගෙවීම නිසා මේ සිදුවූ බවත් අනතුරුව විදුලි බල මණ්ඩලය ට තෙල් නිකුත්කරන ලෙස තෙල් සංස්ථාවට අමාත්‍යවරයා දැනුම් දුන් බැවින් ඉදිරියේ දී විදුලිය කැපීම සිදුනොවන බවය.
ප්‍රශ්නය ඇත්තේ මේ ආයතන දෙකම එකම අමාත්‍යවරයා යටතේ එනම් මහින්ද අමරවීර යටතේ තිබීමය. දැන් විදුලි කප්පාදුවක් නෑ කියා අමාත්‍යවරයා නිවේදන නිකුත්කලාට තේරුමක් නැත.
පසුගිය සමයේ වාන් දමන තුරු ඉතිරූ ජලාශ දින කිහිපයක පෑවිල්ල නිසා හිඳී ගොස් ඇත්නම් විදුලි කප්පාදුව ප්‍රාථමික වැඩක් ය. පසුගිය මහා පෑවිල්ල අවස්ථාවේ යහපාලන ආණ්ඩුව දින කිහිපයක් විදුලිය කැපීමක් සිදුකළ නමුත් ඒ පෙර දැනුවත් කිරීමෙන් පසුවය. ඒත් ඒසා පෑවිල්ලක් මෙවර තවම නැත.
ආණ්ඩුවේ ඇමතිලා ඉන්නේ පායන විට විදුලිය කප්පාදු කරන්න විතර නම් තේරුමක්ද නැත.
දැනට ඇති තත්ත්වය කියාපාන්නේ විදුලිය සඳහා වැඩි මිලක් ගෙවන අතර ඉදිරි පෑවිල්ල හමුවේ විදුලි කප්පාදුවත් යන දෙයාකාරයකින් පීඩාවට පත්වීමට ජනතාවට සිදුව ඇති බවය. අපේ ප්‍රශ්නය ආණ්ඩුව ඉන්නේ සහ ඇමතිලා ඉන්නෙ ඔය කෙරුවාව කරන්නද යන්නය.
වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල්පත් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත.
මේ සම්බන්ධව විදුලි පාරිභෝගිකයන් නිසි ලෙස දැනුවත් කර නොමැත.
නමුත් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ මත ගාස්තු වැඩිකිරීම සිදුකර ඇති බවත් මේ මිල සංශෝධනය නව ක්‍රමයක් බවත් ආණ්ඩු පාර්ශවය සඳහන් කරයි.

