මංගල කොටු කිරීමේ උත්සාහයක් : කාර්‍ය මණ්ඩලය පොලීසියට කැඳවා ප්‍රශ්න කරයි !

මංගල කොටු කිරීමේ උත්සාහයක් : කාර්‍ය මණ්ඩලය පොලීසියට කැඳවා ප්‍රශ්න කරයි !

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මාතර දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කාර්යාලයේ නිලධාරීන් හා නාගරික මන්ත්‍රීවරුන් රැසකටම පොලිසියට පැමිණ කට උත්තරය ලබාදෙන්නැයි මාතර සහකාර පොලිස් අධිකාරි කාර්යාලයෙන් දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව නන්දසේන සෙල්ලහේවා, නලින් අබේගුණවර්ධන යන මාතර නාගරික මන්ත්‍රීවරුන් මෙන්ම, මාතර ප්‍රාදේශීය සභාවේ නාගරික මන්ත්‍රී ලයනල් කොඩිකාර යන ඊයේ දිනයේ මාතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවා 

''මංගල සමරවීර විසින් මේ රට සිංහල -බෞද්ධ රටක් නොවේ '' යයි කියා ඇතිබවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකරන බව දැනුම් දී තිබේ.

පැමිණිලිකරු විසින් ඊට අදාල වීඩියෝවක් ඉදිරිපත් කර ඇති බවත් එම වීඩියෝවේ පසුබිමේ සිටින පුද්ගලයින් සියලු දෙනා කැඳවා ප්‍රකාශ ලබාගැනීමට ඉහලින් නියෝගයක් ලැබී ඇති බවත් ඒ අනුව ''ඇමතිතුමා එහෙම කිව්දද ? නැද්ද? කියා කටඋත්තරයක් ලබාදෙන ලෙස සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

එසේ කට උත්තරයක් ලබා ගැනීම සඳහා මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මෙන්ම මංගල සමරවීරගේ මාතර සම්බන්ධිකරණ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද අද සහකාර පොලිස් අධිකාරි කාර්යාලය පැමිණෙන්නැයි ද දැනුම් දී ඇත.

මාතර SSP දන්නේ නැති ලු !

මේ සම්බන්ධයෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගෙන් ඊයේ (03) විමසීමක් කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

තමා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේනම් ඒ පිළිබඳව පළමුව තමාගෙන් ප්‍රකාශයක් ලබාගන්නැයි පවසා ඇති මන්ත්‍රීවරයා, තමා සති අන්තයේ මාතරට පැමිණෙන බැවින් ඒ සඳහා වේලාවක් ලබාදිය හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට පවසා ඇත.

ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ   මෙසේ පොලිස් විමර්ශනයක් ආරම්භකර ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාවේ දී හිටපු ඇමතිවරයා කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශ ගැනීම සිදුකරන බවය.

එම ඛේදවාචකය සිදුවූ දින ඇතැම් මාධ්‍ය මුස්ලිම්වරුන්ට එරෙහිව ජනතාව කුපිත කිරීමේ ප්‍රචාරක මෙහෙයුමක් දියත්කර තිබු අතර එහිදී මංගල සමරවීර කියා සිටියේ, ''මෙරට සිංහල -බෞද්ධයින්ගේ රටක් පමණක් නොවේ, එය සිංහල, දෙමල, මුස්ලිම් මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ රට'' බවයි.

එහෙත් ඇතැම් මාධ්‍ය එය සංස්කරණය කර විකාශය කළේ ''මෙරට සිංහල -බෞද්ධයින්ගේ රටක් නොවේ'' යන කොටස පමණි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදු කරන්නේ නම්, ඊට අදාල දේශපාලන ස්ථාවරය පොලිසිය හමුවේද සඳහන් කිරීමට සුදානම් බව මංගල සමරවීර මන්ත්‍රීවරයා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න