තෝරාගත් මාධ්‍යවේදීන් දඩයම් කරන්න : ලේක් හවුස් ෂයිලොක්ලා ආණ්ඩුවෙන් ඉල්ලයි !

තෝරාගත් මාධ්‍යවේදීන් දඩයම් කරන්න : ලේක් හවුස් ෂයිලොක්ලා ආණ්ඩුවෙන් ඉල්ලයි !
මේ අනාවරණය මාධ්‍යවේදීන් ලෙස වෙස්ගත් ලේ සුවඳට ලොබ බැඳී ෂයිලොක් පන්නයේ  ලේක්හවුස් මුර්ගයන් කිහිපදෙනකුගේ ක්‍රියාවක් සම්බන්ධවය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේක්හවුස් ශාකාවේ සභාපති සහ ලේකම් ලෙස ඔවුන් පෙනී සිටියි.
 
ඔවුන් කළ තිරස්චීන ක්‍රියාව වන්නේ " ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාල සේවිකාවගේ සිදුවීම" සම්බන්ධව තම ආයතනයේ සිටින සහෝදර මාධ්‍යවේදීන් පිරිසක් රාජ්‍ය මර්දනයට ලක්කරන ලෙස පෙත්සමක් ඉදිරිපත් කිරීමය.
 
ලේක් හවුස් පරිපාලනය දැනුවත්ද ?
 
සාමාන්‍යයෙන් ආයතනික සේවක ප්‍රශ්නයක් නම් කටයුතු කරන සම්ප්‍රදාය වන්නේ අදාල කරුණ සම්බන්ධව  එකී ආයතනයේ ඉහළ කලමනාකාරීත්වය දැනුවත් කොට සුදුසු පියවර ගැනීමට ඉල්ලා සිටීමය. එහෙත් ෂයිලොක් පන්නයේ මේ මුර්ගයන්ට ඒ මූලික ක්‍රියා පටිපාටිය පවා අතපසු වී ඇත. අවම වශයෙන් පෙත්සමේ පිටපතක් හෝ ලේක්හවුස් පරිපාලනය වෙත යොමුකිරීමට කටයුතු කර නැත.
 
ඒ ඇයි ? ඔවුන්ට අවශ්‍ය මේ කරුණ ආයතනය තුළ විසඳීමට නොව ආයතනයෙන් පිට විසඳීමටය. ඔවුන්ගේ වෛරයයට බඳුන්වී සිටින මාධ්‍යවේදීන්ගේ ජීවිත වලින් පවා පළිගැනීමටය. ඒ නිසා හැර මේ අයට ලේක්හවුස් පරිපාලනය අමතක වී ඇත. නැතිනම් මේ වැඩබැරි ටාසන්ලා කඩේ යවන්න මිස වෙනත් කිසිදු වැදගැම්මකට නැති බැවින් ලේක්හවුස් පරිපාලනය ඔවුන්ව පයිසයකට නොතකනවා විය හැකිය.
 
ප්‍රශ්නය කෙළින්ම CID යවලා !
 
ඒ කෙසේ හෝ වේවා ඔවුන් පෙත්සමක් පන්නයේ මේ කැලෑ පත්තරය යවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. පිටපත් යොමුකර ඇත්තේ ජනාධිපති , අගමැති , ආරක්ෂක ලේකම් සහ වැඩබලන පොලිස්පති  වෙතය.
 
හැතැප්මක් දිග හෙඩිමක් !
 
පෙත්සමක් පන්නයේ මේ කැලෑ පත්තරයේ ශීර්ෂය මෙසේය.
 
" ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාල සේවිකාවගේ සිදුවීමට සම්බන්ධව ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කර්තෘ දරීශා බැස්ටියන් පිළිබඳ සහ ලේක්හවුස් ආයතනයට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම"
 
හැතැප්මක් දිග ශීර්ෂයක් යෙදුවත් පෙත්සම පන්නයේ මේ කැලෑ පත්තරේ කිසිදු වැඩගත් කරුණක් නැත. එය කියවන සිහිමොළ විකෘති නොවූ ඕනෑම අයෙකුට පෙනී යන්නේ මේ වැඩ බැරි ෂයිලොක්ලා වෛර බැඳ සිටින මාධ්‍යවේදීන් පිරිසක් වෙතින් පළිගැනීමේ දුෂ්ට චේතනාවය.
 
දරීශාගේ ලැප්ටොප් එක සහ ෂයිලොක්ලාගේ ආශාව !
 
එසේම මේ ෂයිලොක්ලාට දරීශාගේ ලැප්ටොප් පරිගණකය ගැනත් මාර ප්‍රශ්නයක් ඇත. කැලෑ පත්තරේ දෙතැනකම ඒ ගැන සඳහන් කර තිබෙන්නේ ඒ නිසා විය යුතුය. ඔය ආකාරයේ ආශාව පසුපස ඇත්තේ මොකක්ද  යන්න අමුතුවෙන් කියන්න දෙයක් නැත. දරීශාගේ පෞරුෂය මොවුන් අසරණ කර ඇති තරම කොතරම්ද ? 
 
අනුරංගි සිං ව මොවුන් ප්‍රශ්න කරන්න කියන්නේ ඇය නීතිඥවරියක් බව කියමින්‍ ය. මේ ෂයිලොක්ලා මොන මිනිස්සුද යන්න තේරුම් ගන්න ප්‍රමාණවත්ය.
 
ඊලඟ අවධානය  මේ ෂයිලොක්ලා විසින් රාජ්‍ය මර්දනය ඉල්ලා සිටින පිරිස කවුද යන්න ගැනය.
 
මර්දනය ඉල්ලන්නේ කාටද ?
 
ඒ, ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිශාන්ත කුරේ, සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් , සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු සම කර්තෘ අනුරංගි සිං, ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මදුක තක්සල ප්‍රනාන්දු , රැස පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ රංජිත් සමරකෝන් සහ රැස පුවත්පතේ මාධ්‍යවේදීන් පිරිස ය.
 
කඩුව අතට ගත්ත වඳුරා රජා රැකපු හැටි මතකද ?
 
එසේම මේ  ෂයිලොක්ලාගේ වැඩ බැරි බව ඔප්පු වන්නේ එහි ඇති තවත් සඳහනක් හමුවේය. ඒ ආයතනයේ සේවය කරමින් සිටි විදෙස් ජාතික මාධ්‍යවේදීන් 5ක් 2019 නොවැම්බර් 16 ට පසුව සේවයට පැමිණ නැති බව සඳහන් කිරීමය.
 
ඔවුන්ගේ පෙන්වාදීමේ යටි අරුත වන්නේ ඔවුන් බල පෙරළිය හමුවේ ජීවිතය සම්බන්ධ බියෙන් සේවයෙන් බැහැරව ඇති බව නොවේද ? එසේම මේ ආණ්ඩුව මාධ්‍යවේදීන් මර්දනය කරන ප්‍රතිපත්තියක සිටින මාධ්‍ය නිදහස නැති කරන පාලනයක් කියා නොවේද ? ලේ සුවදට ලොබ බැඳී   වැඩ බැරි ෂයිලොක්ලා ලකුණු දාගන්න ගිහින් අන්තිමට ආණ්ඩුව ගඳ ගස්සවා ඇත්තේ එහෙමය.
 
 වෙනම කූඩුවක තබා ප්‍රදර්ශනය කළ යුතු අමුතු මාධ්‍ය සත්තු !
 
ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාල සේවිකාවගේ සිදුවීම සම්බන්ධව මේ වන විට අධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි විමර්ශන කටයුතු සිදුවෙමින් තිබේ. එබැවින් මේ කොහේවත් නැති දෝදුසේනලා පරීක්ෂා කළ යුත්තේ කාවද ? කවුද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත.  විමර්ශන කරන අය ඔවුන්ගේ කාර්‍ය කරනු ඇත.
 
එවැනි පසුබිමක මේ කැලෑ පත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත්තේ ලේක්හවුස් ශාකාවේ සභාපති - චන්දන බණ්ඩාර සහ ලේකම් - තිස්ස ධම්මික ගේ අත්සනින් යුතුවය. දැන් රටම දැනගත යුතුව ඇත්තේ ෂයිලොක්ලා විසින් මර්දනය ඉල්ලා ඇති මාධ්‍ය සගයන්ගේ ජීවිත වලට යමක් වුවහොත් මේ ලේක් හවුස් ෂයිලොක්ලා ඊට වගකිවයුතු බවය.
 
ලේක් හවුස් ෂයිලොක්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලියවිල්ල පහත දැක්වෙයි.
IMG 20200204 122435
 
IMG 20200204 122520
 
IMG 20200204 122450
 
 
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න