මහ මැතිවරණයට තනියම ඉල්ලමු : ශ්‍රිලනිපයේ දැඩි මතයක් !

මහ මැතිවරණයට තනියම ඉල්ලමු : ශ්‍රිලනිපයේ දැඩි මතයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොහොට්ටු පාර්ශවයේ අපවාදයට සහ පහත් කොට සැලකීමට ලක්නොවී එළැඹෙන මහ මැතිවරණයේදී තනිව තරග කළ යුතු බවට ප්‍රබල මතයක් ගොඩනැගී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අනුව පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවක් අතර තුළ මේ සම්බන්ධව අවධානය යොමුව ඇත.

එහිදී ආසන සංවිධායකවරුන් පෙන්වාදී ඇත්තේ තනිව තරග කළහොත් පක්ෂය දැන් පවතින තත්ත්වය හමුවේ පවා ආසන 15ක් හෝ ලබාගැනීමට හැකි බවයි. ඒ තුළ පාර්ලිමේන්තුවේ තීරණාත්මක කොටසක් වීමට හැකි බවත් ඔවුන් සඳහන් කර ඇත.

නාම යෝජනා දුන්නත් පරද්දන සැලැස්මක් !

මෙහිදී තවත් කිහිපදෙනකු අනාවරණය කර ඇත්තේ ශ්‍රිලනිප වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසට අමතරව එක් අයෙකුට පමණක් නාම යෝජනා ලයිස්තුවේ ඉඩදීමට බැසිල් රාජපක්ෂ කටයුතු කරන බවට දැනගන්නට ඇති බවත් එවැනි නාම යෝජනා ලැබුණත් මැතිවරණ ව්‍යාපාරය තුළ තම පිරිස පරාජය කරවීමේ සැලැස්මක් ගැනත් තොරතුරු ඇති බවය.

එබැවින් පක්ෂය ආරක්ෂා කිරීමට සහ නියෝජනය ශක්තිමත් කිරීමට නම් වඩාත් ප්‍රායෝගික තීන්දුව වන්නේ පක්ෂය මහ මැතිවරණය සඳහා තනිව තරග කිරීම බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

මහ ලොකු ජ්‍යෙෂ්ඨයින් වැඩක් නෑ !

මේ වන විට පොහොට්ටු පාර්ශවයේ ඇතමුන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති ලෙස හෝ නොසලකා පහත්කොට සළකන බවත් ඒ හමුවේ ජ්‍යෙෂ්ඨයින් නිහඩව සිටීම කනගාටුවට කරුණක් බවත් මෙහිදී සඳහන්ව ඇත.

පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් මේ වන විට පොහොට්ටුවේ සිටීමට තීරණය කර ඇති නමුත් අලුත් මුහුණු සමග අලුත් ගමනක් වෙනුවෙන් ඔවුන් නැතුව හෝ මහ මැතිවරණයට යාම සුදුසු බවත් එහිදී දැඩිව අවධාරණය කෙරී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න