ඉදිරි මැතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට 'පොහොට්ටුව' ලකුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඉඩ නොදෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බවත් රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ පවසයි.
ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් සහ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග රටෙන්ම දිනාගත හැක්කේ ආසන හතරක් පමණක් යයිද ඔහු සඳහන් කළේය.පොළොන්නරුවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රීලනිප කොන්දේසිවලට 'පොහොට්ටුව' හරස් වෙයි
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසුවේ, එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩ නැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති කොන්දේසි අසාධාරණ බවයි.
අදාළ කොන්දේසි හේතුවෙන් අසාධාරණයට ලක් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු කියා සිටියේය.

