මම පඹයෙක්ද - සජිත් : ලකුණ නිසා ගැටුම් එපා - මංගල !

මම පඹයෙක්ද - සජිත් : ලකුණ නිසා ගැටුම් එපා - මංගල !

මහ මැතිවරණයට ඉදිරිපත් වන සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මත ගැටුමක් ඇති කරගනිමින් පක්ෂය තුළ බෙදීමක් ඇතිවුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකක බලයක් නිතැතින්ම හිමිවනු ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ඊයේ  (10) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මහ මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ අලියාගෙන් ද ? නැද්ද ? කියා ඡන්ද විමසීමක් කරන්නැයි රනිල් කණ්ඩායමේ මන්ත්‍රීවරයකු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

එම ඉල්ලීම කරන අවස්ථාව වනවිටද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබිණ. 

මේ අවස්ථාවේදී ලකුණ සම්බන්ධයෙන් ඡන්දයක් නොගන්නා ලෙස දැඩි ලෙස ඉල්ලීමක් කර ඇති මංගල සමරවීර මන්ත්‍රීවරයා, එවැනි ඡන්ද විමසීමක් කළහොත් ගෝඨාභයට තුනෙන් දෙක ලියලා දෙන්නේ අද මේ රැස්වීමේදී බව ලියා තබා ගන්නයි අවධාරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන්ව තිබේ.

ඡන්ද ලකුණ සම්බන්ධයෙන් ඇති වූ මතගැටුම සමනය නොවීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම එජාප උපදේශක කමිටුව වෙත පවරා ඇත.  එම කමිටුව හරහා අලියාගෙන් තරග කරන්නේද වෙනත් ලකුණකින් තරග කරන්නේද යන්න සම්බන්ධයෙන් දින දෙකක් තුළදී තීරණය කිරීමට නියමිතය.

මම පඹයෙක් ද - සජිත් අහයි !

සන්ධානයේ නායකයා හා නාමයෝජනා කමිටුවේ නායකයා ලෙස පසුගිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා සම්මත කරගෙන ඇතත්, අද තමාව මුළුමනින්ම නොසලකා නව සන්ධානය සම්බන්ධයෙන් තීන්දු තීරණය ගන්නා බවට විරෝධය පළකරමින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අතරතුරදී ඉවත්ව ගොස් ඇත. ඒ ඔහුට සහය දක්වන මන්ත්‍රී කණ්ඩායම ද සමගිනි.

'' මට කිසිඳු බලයක් පවරා නැහැ . මම පඹයෙක් ද ? '' ඔහු පක්ෂ නායකත්වයෙන් දැඩි ආවේගයෙන් යුතුව විමසා ඇත. 

අපේ ජාතික පෙරමුණ සජිත් වෙනුවෙන්  මාරු වෙයි !

මැතිවරණ කොමිසන් සභාව විසින් 'සමගි ජන බලවේගය' පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ, 'අපේ ජාතික පෙරමුණ' සිය නිල නාමය 'සමගි ජන බලවේගය' ලෙස සංශෝධනය කරන ලෙසත් සිය ඡන්ද සලකුණ වූ 'දුරකථනය' වෙනුවට 'හදවත' නම් කරන ලෙසත් ඉදිරිපත් කර තිබු ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

වාර්තා වන ආකාරයට , 'අපේ ජාතික පෙරමුණ' සිය ව්‍යවස්ථාව ද සංශෝධනය කරමින් මෙවැනි පියවරක් ගෙන ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට නියමිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට  ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.