සජිත් පාර්ශවයට බාල්දි පිට බාල්දි වැටෙයි !

 සජිත් පාර්ශවයට බාල්දි පිට බාල්දි වැටෙයි !

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙතින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර විසින් ඊයේ (11) ලිඛිතව මේ සම්බන්ධව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාපය යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.

 එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.

එජාප නීති ලේකම් මැතිවරණ කොමිසම වෙත යොමුකළ ලිපිය මෙන්න !

FB IMG 158141624u

ජන්ද ලකුණ අලියා - අකිල විරාජ් !

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ  එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බවයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (11) රෝයල් ආකේඩ් පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ද මහලේකම්වරයා විසින් ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

"එක්සත් ජාතික පක්ෂය මීළග මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා නාමයෝජනා කැදවීමට නියමිතව තිබෙනවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා උගතුන්, වියතුන්, බුද්ධිමතුන්ට, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන්ට ඒ සදහා අයදුම්පත් යොමුකළ හැකියි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න