ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.
ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ (12) රාත්‍රී සාකච්ඡාවේදී ඇතිකරගෙන ඇති එකඟතාව අනුවය.
අදාළ කමිටුව සඳහා සාමාජිකයන් තෝරාගෙන ඇත්තේ රනිල් පාර්ශ්වයෙන් නම් 05ක් සජිත් පාර්ශවයෙන් නම් 05ක් ද වශයෙනි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස, අඛිල විරාජ් කාරියවසම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අයගෙන් එම කමිටුව සමන්විතවේ.
එළඹෙන සිකුරාදා දිනයේදී එනම් 14 වනදා මෙම කමිටුව අවසන් තීරණයක් ගැනීමට ද එකඟ වී තිබේ. ඒ අනුව සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇති බව වාර්තාවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
