වන සංරක්ෂණ නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න - මානව හිමිකම් කේන්ද්‍රය !

වන සංරක්ෂණ නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න - මානව හිමිකම් කේන්ද්‍රය !

වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලකගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසන්නේ මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැක ගැනීම සම්බන්ධයෙන් සෘජුව සිය විරෝධතාව දැක්වීම නිසා ඇය වෙත තර්ජන එල්ල වීමේ දැඩි අවධානයක් පවතින බවයි.

මේ නිසා ඇයගේ රැකියාවේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බව  ඇය පෙන්වා දෙයි. 

 එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊයේ (12) පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද ඇයගේ  ආරක්ෂාව අනතුරේ පවතින බව පිළිගනිමින් "අනූ නමයෙන් බේරුණේ. මමයි බේරාගත්තේ නැත්තං එයාට ගහනවා " යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. 

එම ප්‍රකාශය වන සංරක්ෂන නිලධාරිනි දේවානි ජයතිලක වෙත අනියමින් එල්ල කළ බලපෑමක් බව ද සුරංගි ආරියවංශ පෙන්වා දෙයි. මේ නිසා සිව්දරු මවක් වන දේවානි ජයතිලකගේ ආරක්ෂාව .තහවුරු කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් වන බව ඇය ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ලිඛිතව ඉල්ලිමක් කර ඇති බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් දේවානි ජයතිලකගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව වහා තහවුරු කළ යුතු බව එම ලිඛිත ඉල්ලීමෙහි දැක්වෙන බව මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරිය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න