මහ මැතිවරණය අවසන් වනතුරු උදයංග හිරේ !

මහ මැතිවරණය අවසන් වනතුරු උදයංග හිරේ !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග ඊයේ වනතුරු මාස 4කට ආසන්න කාලයක් ඩුබායි හි රිමාන්ඩ් භාරයේ පසුවිය.

මහ මැතිවරණය අවසන් වනතුරු ඇතුලේ !

මෙරට පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයක සැකකරුවකු ලෙස ඔහුව නම් කර ඇති බැවින් ඔහුව ශ්‍රී ලංකාවට  ලබා දෙන්නැයි පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

එහෙත්, නව රජය බලයට පත්වූ පසුව මේ මොහොතේ ඔහුව මෙරටට අනවශ්‍ය බව දන්වා එරටට ලිඛිතව දැනුම් දීමට සැලසුම් කර තිබුන ද එවැනි ඉල්ලීමක් නොකරන්නැයි ආණ්ඩුවේ ඉහලම බලධාරියෙක් දැඩිව පවසා තිබු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට දයංග වීරතුංගට චෝදනා එල්ලවී ඇති බැවින් මහ මැතිවරණයක් ආසන්නයට පැමිණ ඇති අවස්ථාවක එකවර ඔහුව මුදාහැරිය නොහැකි බව ආණ්ඩුවේ බලධාරියකු විසින් උදයංගගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

තමාට එරෙහි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග, ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න