මව්බිම ජඩමාධ්‍ය භාවිතය ගැන කරූගෙන් නිවේදනයක් !

මව්බිම ජඩමාධ්‍ය භාවිතය ගැන කරූගෙන් නිවේදනයක් !

සතිඅන්ත මව්බිම පුවත්පතේ පළවූ මාධ්‍ය පුවතක් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය  විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ පුවත්පත් වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ප්‍රවෘත්ති නිවේදනයයි

(2020 පෙබරවාරි 23 ) එක්තරා සති අන්ත පුවත්පතක ප්‍රධාන පුවත ලෙස “රනිල් – කරු – නවින් – දයා මහ ඡන්දෙට එන්නෙ නෑ” යන ශීර්ෂය යටතේ ගරු කථානායක කරු ජයසූරිය මහතා, ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා යන අය අතර කථානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවති බවත්, එම අවස්ථාවේ දී කරු ජයසූරිය මහතා වෙනුවෙන් ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටි බවටත් පලව ඇති පුවත අදාළ පුවත පළ කර ඇති පුවත්පතටම ආවේනික වූ සුපුරුදු මාධ්‍ය භාවිතාව අනුව ගොතන ලද මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරමු.

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව එවන් සාකච්ඡාවක් කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බවත්, ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

– කථානායක මාධ්‍යය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න