ජනාධිපති මල්ලි සහ අගමැති අයියාගේ ගැටුම : ශර්මිලාගේ හඬපටයෙන් එළියට ! ( audio )

ජනාධිපති මල්ලි සහ අගමැති අයියාගේ ගැටුම : ශර්මිලාගේ හඬපටයෙන් එළියට ! ( audio )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ මහනුවර පැවති උත්සවයකදී කළ ප්‍රකාශය සනාථ කෙරෙන හඬපටයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ඔසවා තබන 'පොස්ටුවක්' සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කල ජනාධිපති සමාජ මාධ්‍ය අංශයේ උදයංග නැමැත්තෙකුට එහි අංශ ප්‍රධාන නිලධාරිනියක් දොස් පවරන ආකාරයක් එම හඬපටය තුල අන්තර්ගතය.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරික නුවන් නිරෝධ අල්විස් මෙසේ සඳහන් කර තිබේ.

''නන්දසේන ස හා රජ්ජුරු පර්සි අයියාගේ මණ්ඩලේ කචල් කියලා කිව්වම ඇට නමය මෙතන වැලලුනා නේ මඩ ගහන්න එපා කියලා. කන් පොඩ්ඩක් පළල් කරන් මෙන්න මේක අහපල්ලා''

වීඩියෝ

මෙම හඬපටය සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමක දී අනාවරණය වුයේ හඬපටයේ සඳහන් වන උදයංග නමැත්තාගෙන් අදාල විමසීම කරන්නේ ජනාධිපති සමාජ මාධ්‍ය ඒකකයක ප්‍රධානීයක වන ශර්මිලා රාජපක්ෂ (Shermila Rajapaksha) නමැත්තියක් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න