ජිනීවා යන්න සූදානම් ඇමති තුන්කට්ටුව මෙන්න !

ජිනීවා යන්න සූදානම් ඇමති තුන්කට්ටුව මෙන්න !

එළඹෙන  27 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වන එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් ‌කොමිසමේ සැසිවාරය සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග තවත් අමාත්‍යවරුන් ‌දෙනෙකු සහභාගී වීමට නියමිතය.

ඉන් එක් අමාත්‍යවරයකු වන්නේ මහින්ද සමරසිංහය. යුද සමයේදීත් යුද්ධයෙන් පසු කාලයේදීත් බරපතළ අර්බුදයන්ට ලංකාව මුහුණ දී සිටි අවස්ථාවලදී ජිනීවා මානව හිමිකම් ‌කොමිසමේ සැසිවාරයන්ට සහභාගී වී අත්දැකීම් ඇති අයෙකු ලෙස ඔහු සැළකේ.

ඒ අනුව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විශේෂ ඉල්ලීමක් කරමින් මහින්ද  සමරසිංහ අමාත්‍යවරයාට මේ සඳහා සහභාගී වන ‌ලෙසට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

මේ සඳහා සහභාගීවීමට නියමිත අනෙක් අමාත්‍යවරයා වන්නේ නිමල් සිරිපාල වන අතර යහපාලන රජය සමයේ ජිනීවා ‌කොමිසමට සහභාගී වූ අයකු ‌ලෙස සිරිපාල අමාත්‍යවරයා ඊට එක්කොට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න