අධිවේග මාර්ගය විවෘත කිරීමට ගිය දේශීය මාධ්‍යවේදීන් ඉවත් කරලා !

අධිවේග මාර්ගය විවෘත කිරීමට ගිය දේශීය  මාධ්‍යවේදීන් ඉවත් කරලා !

මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නොවූ බව එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පවසයි.

දේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැති බවත් විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් පැවසූ බවත් ඔවුන් සඳහන් කරයි.

ගොඩගම අධිවේගී පිවිසුම අසල රැඳී සිටි මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරුණු බවත් සඳහන් ය.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු වුණා.

මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96කි.

මෙහි ඉදිකිරීම් කොටස් හතරකින් සිදු කර ඇත.

මේ අතර අද  දහවල් වන විටත් මෙම ජනතා අයිතියට පත් කරන ලද කොටසේ ඉදි කිරීම් නිමකර නොතිබූ අතර ඒ බව දැක්වෙන ඡායාරූප රැසක් මාධ්‍යවේදීන් විසින් සමාජ ජාල වෙත නිකුත් කර තිබුණේ මේ ආකාරයට ය.

(මූලාශ්‍රය - ලංකාදීප සහ තෲ නිව්ස් )

87232973 3019152148117638 439833375851675648 n 768x768

87387522 3019152338117619 5415598381777027072 n 768x768

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න