පාස්කු ප්‍රහාරය ගැන ආය එජාපයට චෝදනා බෑ - මුජිබර්

පාස්කු ප්‍රහාරය ගැන ආය එජාපයට චෝදනා බෑ - මුජිබර්

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන විත්තිකරුවා අද පොහොට්ටුවේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.

එවකට ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, සේනාධිනායකයා ලෙසත්, නීතිය හා සාමය භාර ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ ඔහු ඊට පලමු වගකිව යුත්තා බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජීවිත 300 සදහා සඳහා වගවිය පුද්ගලයා අද පොහොට්ටුවේ සභාපතිවරයා බවට පත්කර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

එනිසා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිවෙකුට නොහැකි බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න