ආණ්ඩුවේ රණවිරු ගාය දෝරේ ගලයි : අට්ටාලය ගලවා එළවයි ! (වීඩියෝ )

ආණ්ඩුවේ රණවිරු ගාය දෝරේ ගලයි : අට්ටාලය ගලවා එළවයි ! (වීඩියෝ )
ආබාධිත හමුදා සෙබළුන් විසින් උද්ඝෝෂණ සඳහා වෙන්කර තිබූ ස්ථානය ඉඉදිකර තිබූ තාවකාලික අට්ටාලය පොලිසිය යොදවා අද (26) ඉවත් කෙරිණ.
 
ඒ උඋද්ඝෝෂකයින්ගේ බලවත් විරෝධය හමුවේය.
 
එහිදී ආබාධිත සෙබළුන් සඳහන් කර සිටියේ තමන් ආබාධිත වූයේ සැබවින් යුද බිමේ සටන් කළ නිසා බවත් දැන් තම වැටුප් දීමනා ප්‍රශ්නය විසඳගන්නට සාමකාමි විරෝධය දැක්වීමේ අයිතිය පවා වත්මන් ආණ්ඩුව උල්ලංඝනය කරන බවය.
 
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ අද ආණ්ඩුවේ සිටින පාර්ශ්වය කොටුව දුම්රිය පොළ අඅසල අට්ටාල සකස්කර දී උද්ඝෝෂණ කරවා එය දේශපාලන වාසියක් කරගත් බවත් එදාා රණවිරු ගාය කියා එතැනට පැමිණ කතා පැවැත්වූ කිසිවෙක් අද තමන් වෙනුවෙන් හඬ නොනගන බවත් ඔවුන් පැවසීය.
 
එසේම රණවිරුවන් වෙනුවෙන් කියා මැතිවරණය අවස්ථාවේ තමන්ව විකුණූ මේ ආණ්ඩුව අද අවම වශයෙන් සාකච්ඡාවට හෝ අවස්ථාව නොදී තමන්ව පළවා හැරීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඔවුන් පැවසීය.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුබිමේ තමන්ට වන මේ අසාධාරණය ආණ්ඩුව  රරණවිරුවන්ට දක්වන සැලකිල්ල පෙන්නුම් කරන්නක් බවත් ඔවුන් පැවසීය.
 
පොලිසිය යොදවා අද ආබාධිත සෙබළුන් ගේ විරෝධතා අට්ටාලය ඉවත් කිරීමේ දර්ශන පහත වීඩියෝවේ දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න