හිටපු මන්ත්‍රී සජින්වාස් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු මන්ත්‍රී සජින්වාස් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළේ ය.

ඒ විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපැම් කරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ වසර 5 ක කාලය තුළ රුපියල් කෝටි 30 කට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න