මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා - සජිත්

මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා - සජිත්

පාර්ලිමේන්තුව විසුරුවා හැර,මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක විරැකියා උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙල නිසා සියලු උපාධිධාරී තරුණ තරුණියන් අසරණ කර ඇතැයි ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පැවසීය.

කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අනාවරණය කළේය.

 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

‘‘ජනධිපතිවරණයට පෙර ඔවුන් කියා සිටියේ ජයග්‍රහණයට පසු මසක් ඇතුළත සියලු උපාධිධාරීනට රැකියා ලබාදෙනවා කියා. නමුත් තුන් වතාවත් මේ වන විට බොරු පොරොන්දු දී තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින බව දැන දැනම, ඒ වගේම ඕනෑම ළදරුවෙක් පවා දැනගෙන සිටින මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක ලබා දෙන සියලු පත්වීම් මැතිවරණ කොමසාරිස් විසින් අත්හිටුවනවා කියා. ඒ බව දැන දැනම මෙවැනි පත්වීම් ලබාදීම මගින් සියලු අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් අසරණ කර තිබෙනවා.

මම වගකීමෙන් කියනවා අපි ජාතික සමගි බලවේගය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු සතියක් ඇතුලත සියලු උපාධිධාරීන් ට පත්වීම් ලබා දෙන බවත් ඉන් මාස තුනක් ඇතුළත ඒ රැකියාලාභී සියලු දෙනාගේ රාජ්‍ය සේවයේ රැකියා ස්ථීර කිරීමට පොරොන්දු වෙනවා.‘‘

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න