''මන්ත්‍රී ආසන 113කට වැඩිය ගන්නවා'' - බැසිල්

''මන්ත්‍රී ආසන 113කට වැඩිය ගන්නවා'' - බැසිල්

විවිධ බාධා එල්ල වූ අසීරු අවස්ථාවන්හි ලාබාලතම දේශපාලන පක්ෂය ලෙස මැතිවරණවලට තරග කර විශිෂ්ඨ ජයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මෙවර මහ මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීම ස්ථිර බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන් හා අනුබද්ධ සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු ආසන 113 ත් 120 ත් අතර ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව වන බවයි.

මැතිවරණ නීතිවලට අනුකූලව සහ පරිසර හිතකාමී ලෙස ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමේ වැදගත්කම ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න