මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී සොයා ගැනේ

මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී සොයා ගැනේ

දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු විශාලතම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ.

මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් විය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6000 කි.

මෙම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 28 කි.

ඒ අතර ඉරාන සහ පකිස්ථාන ජාතකයින් ද වේ.

පසුගිය මාස 14 තුළදී නාවික හමුදාව හෙරොයින් කිලෝග්‍රෑම් 1162 ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 5000 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න