ගෝඨාභයට සදාකාලික මුක්තියක් නෑ : ඇමරිකානු අධිකරණයක තීන්දුවක් !

ගෝඨාභයට සදාකාලික මුක්තියක් නෑ : ඇමරිකානු අධිකරණයක තීන්දුවක් !

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකරන ලද ක්‍රියාවන් සඳහා සදාකාලිකවම ඇමෙරිකානු පොදු නීතිය යටතේ විදේශීය මුක්තිය සඳහා හිමිකම් ඇති බවට පහළ උසාවිය විසින් ලබා දුන් තීන්දුව අහොසි කරන ලෙස ඇමෙරිකාවේ නවවන චක්‍රීය අභියාචනාධිකරණය විසින් පසුගිය සතියේ දී අභියාචනයක් නිකුත් කර ඇත. 

නවවන චක්‍රීය අභියාචනාධිකරණයේ තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් රාජ්‍ය නායකයෙකු ලෙස ලබන මුක්තිය අහෝසි වන දිනක ඔහුට එරෙහිව අනාගත නඩු පැවරීමට මග සලසයි.

ඝාතනයට ලක් වූ 'ලීඩර් පුවත්පතේ කර්තෘ ,මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින ගෝඨාභය රාජපක්ෂ තම පියාගේ මරණයට වගකිව යුතු බවත් අනෙකුත් රජය විව්චේනයට ලක් කල මාධ්‍යවේදීන් ඉලක්ක කිරීමටත් වගකිව යුතු බවත් චෝදනා කරමින් ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා මධ්‍යම දිස්ත්‍රීක්කයට අයත් දිසා අධිකරණයෙහි පසුගිය අප්‍රේල් මස නඩුවක් ගොනු කරන ලදී. 

නවවැනි චක්‍රීය අභියාචනාධිකරණය අගතියකින් තොරව ඇයගේ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස කරන ලද ඉල්ලීමද මෙහිදී පිළිගන්නා ලදී.

 ඒ පසුගිය නොවැම්බරයේ දී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට පත්වීම නිසා ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින තාක් කල් එක්සත් ජනපද උසාවිවල නඩු වලින් මුක්තිය ලැබෙන බැවිනි. 

“මෙම තීන්දුව ජයග්‍රහණයක්. එය ගෝඨාභය රාජපක්ෂට පණිවිඩයක ලබා දෙනවා. ඒ කියන්නේ මගේ පියාගේ ඝාතනයේ දී ඔහුගේ වගකීමෙන් බේරීමට ඔහු දැරූ උපාය අසාර්ථක වෙලා කියන එක.. ඔහුට සදහටම මුක්තිය භුක්ති විඳින්න දැන් බැහැ. ඔහුගේ ජනාධිපති ධුරය මගින් වගවීම වලක්වන්න බැහැ. ප්‍රමාද කරන්න විතරයි පුළුවන්. ඔහුගේ ම්ලේච්ඡත්වයට හා ලේ වැගිරීම් නිසා සියල්ල අහිමි වූ අපි කිසි විටෙකත් යුක්තිය උදෙසා අපගේ සටන අත් හරින්නේ නැහැ” යැයි අහිම්සා වික්‍රමතුංග පැවසීය. 

යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (සීජේඒ) මෙම නඩුවෙහි දී අහිම්සා වෙනුවෙන් පෙනී සිටී. 

''අභියාචනාධිකරණය තීරණය විසින් අහිම්සාට ඇගේ පියාට සාධාරණය ඉටු කිරීමට තවත් අවස්ථාවක් ලබා දීම ගැන අපි සතුටු වෙමු.” යැයි යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය වෙනුවෙන් නඩුවට පෙනී සිටි ඩෙබෙවොයිස් සහ ප්ලම්ප්ටන්හි නටාලි රීඩ් පවසා තිබේ.

 

(Theleader )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න