යාපනයේ ඡන්ද සටන වර්ගවාදයෙන් ඇරඹෙයි !

යාපනයේ ඡන්ද සටන වර්ගවාදයෙන් ඇරඹෙයි !
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පසුදින සිට යාපනයේ ප්‍රදේශ රැසක වර්ගවාදය ඉස්මතු වන ආකාරයේ පොස්ටර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි.
 
යාපනය, චාවකච්චේරි, කොඩිකාමම් සහ කයිතඩි යන ප්‍රදේශවල මෙම පෝස්ටර් දක්නට ලැබුන අතර "ශිව සේනා" නම් සංවිධානයක් විසින් ඒ්වා අලවා තිබිණ. "හින්දු ඡන්ද දායකයින් හින්දු අපේක්ෂකයින් වෙත පමණක් සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කළ යුතුය" යනුවෙන් එම පෝස්ටර් වල සඳහන් කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් සඳහන් කළේ මෙවැනි පෝස්ටර් මඟින් මැතිවරණයක නිදහස් හා සාධාරණ බවට දැඩි බලපෑමක් එල්ල වන බවයි. උතුරු පළාතේ 43% ක කතෝලික හින්දු ජනගහණයක් වාර්තා වන බවත්, එම ජනතාව අගතියට පත් කරමින් අලවන මෙවැනි පෝස්ටර් නිසා සැබෑ ජනමතය විකෘති වී යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද හෙතෙම කීය.
 
මේ නිසා මෙම පොස්ටර් සම්බන්ධයෙන් කැෆේ සංවිධානය පසුගියදා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් වාර්තා වෙයි.
 

WhatsApp Image 2020 03 03 at 22.16.05 1 1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න