ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩුවම් ලැබු යුද හමුදා නිලධාරියකුට තවත් උසස් වීමක් ලබා දී තිබේ.
ඒ අනුව පුත්තලම, සිංහවිල්ලුවත්ත හි ස්ථාපිත 58 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු 2020 මාර්තු මස 04 වැනි දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කළ බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසා සිටීම අනුවය.
එම අවස්ථාවේදී සේනාංක මූලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රනාන්දු වෙත පළමු වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු මුරයක් පිරිනමා ඇත.
පොහොට්ටු ආණ්ඩුවට මාස 4යි : මේ දෙවන උසස්වීමයි !
වර්තමාන පාලනය යටතේ මාස හතරක කාලයක් තුළ ඔහුට උසස් වීමක් ලබා දුන් දෙවැනි අවස්ථාව මෙයයි.
පසුගිය දෙසැම්බරයේ දී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භට නිවාස ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබුනි.


