සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස නිර්මාණය කිරිමට කෘත්‍යාධීකාරී මණ්ඩලයේ අනුමැතිය තිබියදී රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී මහ මැතිවරණයට තරග කරන්නේ රාජපක්ෂවරුන්ගේ උවමනාව අනුව බවත්, මේ වන විට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ පදයට එක්සත් ජාතික පක්ෂය නටවන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර චෝදනා කරයි.
ඒ ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම සදහා බද්දෙගම ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.
පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙමින් කණ්ඩායම් රැස්වීම පවත්වමින් ඔහු විමසා සිටියේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ සමගි ජන බලවේගය යටතේ තරග කරනවාද, නැතිනම් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තරග කරනවාද යන්නයි.
එහිදී ගම් මට්ටමේ ජනතාවගේ අදහස වූයේ ලකුණ කුමක් වුවත්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තරග කළ යුතු බවය.
මේකට තමයි රාපක්ෂලා රනිල් වික්‍රමසිංහට පොලීසියෙන් දෙසීයක් දුන්නේ. විපක්ෂ නායකයාට කාර්යාල පහසුකම් ලබා නොදෙන විට, රනිල් වික්‍රමසිංහට කොළඹින් කාර්යාල දෙකක්, පාර්ලිමේන්තුවේ කාර්යාලයක් දුන්නේ රාජපක්ෂලාට සමග තිබෙන දේශපාලන ඩීල් එක නිසයි. රාජපක්ෂලාට අවශ්‍ය ආකාරයට එක්සත් ජාතික පක්ෂය හැසිරවීමට තමයි මේ ආකාරයට විපක්ෂ නායකවරයාට ලබාදෙනවාඩ වැඩියෙන් පහසුකම්, වරප්‍රසාද ලබාදී තිබෙන්නේ. මේ සිද්ධ වෙලා තිබෙන්නේ, රාජපක්ෂලාගේ න්‍යායපත්‍රය අනුව එක්සත් ජාතක පක්ෂය හැසිරවීමයි.
එක්සත් ජාතික පක්ෂය, විසිපස් අවුරුදු සාපයෙන් බේරා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමට අත්වැල් බැදගන්න කියලා අපි ආරාධනා .කරනවා . පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, අපේක්ෂකයින්ට, කොට්ඨාශ සංවිධාකයින්ට, රටේ සමස්ත ජනතාවට අපි ආරාධනා කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට අපි සමග අත්වැල් බැදගන්නා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරනවා කියලා දැන් නොයෙක් තර්ජන කරන බවට තොරතුරු ලැබෙනවා. මේ ආකාරයට පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා, ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන්න අපි ඉඩ ලබාදෙන්නේ නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නිර්මාණය කරපු සන්ධානයක් සමග එකතු වුනා කියලා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට හැකියාවක් නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව කටයුතු කළා කියලා කිසිදු නීතිමය පියවරක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට හැකියාවක් නැහැ. මේ නිසා බය නැතිව සමගි ජන බලවේගය සමග එකතුවෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ ආණ්ඩුව පරද්දලා, පාක්ෂිකයින්ගේ, රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

