මහ මැතිවරණය අවසානයේ ජල - විදුලි බිල අනිවාර්යයෙන් වැඩි කරනවා - අනුර

මහ මැතිවරණය අවසානයේ ජල - විදුලි බිල අනිවාර්යයෙන් වැඩි කරනවා - අනුර

වත්මන් ආණ්ඩුව මහ මැමැතිවරණයෙන් පසුව ජල බිල සහ විදුලි බිල වැඩි කිරීමට නියත වශයෙන් ක්‍රියාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

 මාධ්‍ය හමුවකදී අදහස් දදක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
 
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ජල මණ්ඩලය භාරගත් අවස්ථාවේ බිල වැඩි කිරීමට අවශ්‍ය බව පැවසූ බවත් එමෙන්ම විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර විදුලි බල මණ්ඩලය බිලියන 100ක්, නැතිනම් කෝටි 10000ක් පාඩු පිට යන බව පවසමින් අඟවන්නේ බිල වැඩි කිරීමේ අවශ්‍යතාව බවත් ඔහු සිහිපත් කළේය.
 
එසේම මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ජනතා විරෝධී , ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකට සූදානම් වන බවක් පෙන්නුම් කරන බවත් එම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් ආපසු හැරවීම වෙනුවෙන් ප්‍රබල සහ ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේය.
 
එම විපක්ෂයේ කාර්‍ය භාරය ඉටුකිරීම වෙනුවෙන් ශක්තිමත්  කණ්ඩායමක්  ජාතික  ජන බලවේගය මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න