බොරතෙල් මිල තවත් පහළට : ඉන්ධන මිල සහනය ජනතාවට නෑ !

බොරතෙල් මිල තවත් පහළට : ඉන්ධන මිල සහනය ජනතාවට නෑ !

ලෝක වෙළෙඳපොළ තුළ මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 40-45 දක්වා අඩු වූවත් මෙරට ඉන්ධන මිලේ කිසිදු අඩුවක් සිදුව නොමැත.

ලොව පුරා ඇතිව තිබෙන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල ලෙස පහළ වැටී තිබේ.

මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ලෝක වෙළෙඳපොළ තුළ  බොරතෙල් මිල ඩොලර් 65-70 සීමාවේ පැවැතියදී නියම කරන ලද මිල ගණන්ය.

ඒ අනුව මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙන්නුම් කරයි.

oil pජනතාව වෙත සහන දීමට කටයුතු නොකිරීම සම්බන්ධව ආර්ථික සහ  මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ආර්ථික දැක්මක් නොතිබීම සහ ලාභ සටන් පාඨ වෙත මුවාවී සිදුකළ බදු සංශෝධන නාඩගම් හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බවය.

2/3 නොව හයෙන් පහක බලයක් දුන්නත් සහන නෑ !

එසේම ජනතාව වෙත සහන දීමට කටයුතු නොකිරීම සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිචාරය වන පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් නොමැනොමැතිවීම යන කරුණද ඔවුන් හාස්‍යයෙන් බැහැර කරයි.

ඒ සම්බන්ධව ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ විවිශ්ලේෂකයන් පවසන්නේ තුනෙන් දෙකක බලයක් නොව හයෙන් පහක බලයක් දුන්නත් ආණ්ඩුව ආර්ථික කටයුතු වල දක්වන අසමත් භාවය කිසිසේත් වෙනස් නොවනු ඇති බවයි.

ඊට හේතුවත් රටට අවශ්‍ය ආර්ථික දැක්මක් වෙනුවට ආණ්ඩුව සිය දේශපාලන න්‍යාය පත්‍රය අනූව ආර්ථික කටයුතු මෙහෙයවමින් සිටීම බවත් ඒ අනූව භාණ්ඩ සහ සේවා මිල කොතරම් ඉහළ ගියත් ජනතාව කොතරම් දුෂ්කරතාවකට පත්වූවත් විශේෂ දෙයක් සිදුනොවන බවත් ඔවුන් අවධාරණය කරයි.

මේ අතර කොටස් වෙළෙඳපොළ තුළ කඩාවැටීමක් සිදුවෙමින් පවතින බව ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ විවිශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න