බැඳුම්කර ගනුදෙනුව : ඊළඟට රනිල් !

බැඳුම්කර ගනුදෙනුව : ඊළඟට රනිල් !

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැස්මක් ඇතැයි "රාවය" අනාවරණය කර සිටියි.

ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නීතිඥ  නිශාරා ජයරත්න උපුටා දක්වමිනි.

එවකට මහ බැංකුව අයත්ව පැවති ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බැවින් ඔහු සැකකරුවකු ලෙස නම් නොකළේ මන්දැයි රාවය කළ විමසුමේදී ඇය මෙසේ පැවසු බවත් පුවතේ සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඇය වැඩිදුරටත් පැවසුවේ ‘ඔය කියන පුද්ගලයා’ අනිවාර්යෙන්ම ඉදිරියේදී සැකකරුවකු ලෙස නම් කිරීමට නියමිත බවයි

මහ බැංකු වංචාවේ සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත කරන ලද්දේ ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්ය.

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති පුද්ගලයන් දෙදෙනා අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පෙචුවල් ටේ‍රෂරීස් ලිමිටඞ්හි අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ඇලෝසියස්, රන්ජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිල්ලේ පදුමනාදන්, ඉන්දික සමන් කුමාර යන පිරිසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න