නියඟයෙන් පීඩාවටපත් කුඩා තේ වතු හිමියන්ට සහන නොදෙන්නේ ඇයි ? මනූෂ

නියඟයෙන් පීඩාවටපත් කුඩා තේ වතු හිමියන්ට සහන නොදෙන්නේ ඇයි ? මනූෂ

පවතින නියං සහිත තත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවත්, වහාම ඔවුන්ට සහනාධාර ලබාදීමට රජය පියවර ගත යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර  අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කරන අතර එම නිවේදනය මෙසේය.

පවතින අයහපත් කාලගුණික තත්වය නිසා මේ වන විට රට පුරා විශාල පිරිසක් පීඩාවට පත්ව සිටී. ඒ අතර විවිධ ආර්ථික ක්ෂේත්‍රයන්ට නියං සහිත කාලගුණික තත්වය බලපා ඇති අතර මේ පිළිබද රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුදායක තත්වයකි. ජනතාවාදී රජයක් යැයි වචනයෙන් කියන ආණ්ඩුව,  ජනතාව පීඩාවට පත්වූ අවස්ථාවේදී සහන ලබාදීමට කිසිදු උවමනාවක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ.

නියං තත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක තේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබේ. මෙරට තේ කර්මාන්තයෙන් සියයට හැත්තෑපහක පමණ කොටසක් හිමි කරගෙන සිටින කුඩා තේවතු හිමියන් මෙයින් බරපතල ආර්ථික පීඩාවට පත්ව ඇති අතර ඒ ආශ්‍රිතව සිය ආර්ථිකය පවත්වාගෙන යන බොහෝ දෙනාටද බරපතල ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව තිබේ.

කුඩා තේ වතු හිමියන්ට තේ වගාව සදහා වතුර මෝටර් මගින් යෙදීමද ප්‍රායෝගිකව දුෂ්කර වන අතර පීඩාවට පත්වූ පුද්ගලයින්ට කිසිදු ආර්ථික සහනයක් ලබා නොදීම නිසා දෛනික ජන ජීවිතයත් අඩාල වෙමින් තිබේ. ජනතාවදී රජයක් නම් රටට විදේශ විනිමය විශාල වශයෙන් ගෙන එන ‌තේ කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇත. එහෙත් ජනතා ගැටලු හමුවේ ඇස් කන් පියාගෙන සිටින ආණ්ඩුව මේ  වන තෙක් කුඩා තේවතු හිමියන්ට සහනයක් ලබාදීමට කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුදායක තත්වයකි.

මේ නිසා වහාම ක්‍රියාත්මක වී, නියගයෙන් පීඩාටව පත්වූ තේ වගාකරුවන්ට සහනාධාර ලබාදෙන ලෙසත්, හානියට පත්වූ තේ වගාව නැවත වගා කිරීම සදහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවත් රජයට තරයේ අවධාරණය කර සිටිමි. 

බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න