අමරේ උකුස්සා කරයි - ශ්‍රීලනිපයට මනාප දෙන්න එපා : චමල් ප්‍රසිද්ධියේ කියයි !

 අමරේ උකුස්සා කරයි - ශ්‍රීලනිපයට මනාප දෙන්න එපා : චමල් ප්‍රසිද්ධියේ කියයි !

එළඹෙන මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයන්ට පමණක් මනාප ලබාදෙන ලෙසත් උකුස්සට (ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට ) ලබාදුණහොත් 2015 සිදුවූ දෙයම විය හැකි බව ඇමති චමල් රාජපක්ෂ පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසු අතර එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුවද ප්‍රකාශ කරනු ලැබිණ.
 
පළමු අපේක්ෂකත්වය ලබාදෙන්නේ නාමල් රාජපක්ෂට බව පැවසු ඔහු අනෙක් අපේක්ෂකයන් ලෙස ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, ලයනල් සුදසිංහ සහ උපුල් ගලප්පත්ති යන නම් ද සඳහන් කළේය.
 
අනතුරුව ඔහු පවසා සිටියේ උකුස්සටද දිය යුතු බවත්, උකුස්සා ලෙස මහින්ද අමරවීරට අපේක්ෂකත්වය ලබාදෙන බවය. මෙවර මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට ආසන 5ක් ලබාගත හැකි බවත් ඔහු පැවසීය.
 
එසේම මනාප ලබාදීමේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයන් පමණක් තෝරා ගන්නා ලෙස චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා සිටියේ ඒ අවස්ථාවේය.
 
අමරවීරත් උකුස්සා : ශ්‍රීලනිපයට මනාප දෙන්න එපා !
 
මෙහිදී වූ විශේෂත්වය වූයේ උකුස්සා (ශ්‍රීලනිප ) පාර්ශවයට මනාප ලබා නොදෙන ලෙස ඇමති චමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ පැවසීමය. එසේම මහින්ද අමරවීරට ද උකුස්සා කියා ප්‍රසිද්ධියේ නින්දාවට ලක්කිරීමය.
 
මෙතෙක් ශ්‍රීලනිප නායකයන් පවසා සිටියේ පොහොට්ටුවේ පොඩ්ඩන් මනාප පොරය නිසා ශ්‍රීලනිපයට අවලාද අපහාස සිදුකරත් රාජපක්ෂලා එසේ නොකරන බවය. නමුත් මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ පොහොට්ටු පොඩ්ඩන් පමණක් නොව රාජපක්ෂ ප්‍රබලයින්ද එළඹෙන මහ මැතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂකයන් පරාජය කරවීමේ සැලැස්මේ සිටින බවය.
 
වඩාත් හාස්‍ය දනවන සිදුවීම වන්නේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් මෙන්ම ආසන සංවිධායකවරුන් බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ එළඹෙන මහ මැතිවරණය සඳහා තරග කිරීමට යෝජනා කරමින් සිටින පසුබිමේ ඊට එරෙහිව පොහොට්ටු ලයිස්තුවෙන්ම මහ මැතිවරණයට ඉදිරිපත්විය යුතු බවට දැඩි ස්ථාවරයක පසුවන්නෙකු වීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න