ජනාධිපති කොමිසමේ හැසිරීම අන්තිමයි : පර්ල්ට දෙවැනි වරෙන්තුවත් නිකුත් කරයි !

ජනාධිපති කොමිසමේ හැසිරීම අන්තිමයි : පර්ල්ට දෙවැනි වරෙන්තුවත් නිකුත් කරයි !

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ.වීරසිංහ අත්අඩංගුවට ගන්නැයි ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (10) දිනයේ වරෙන්තු නිකුත්කර ඇත.

ලේකම්වරිය මාර්තු 12 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවොත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්විය යුතු බවද මහාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී නියමකර ඇති බවත් වාර්තා වෙයි.

පර්ල් වීරසිංහ අත්අඩංගුවට ගන්නැයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ දෙවැනි වරටය.

තවද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත්කර ඇත්තේ ඉතාම යහපත් චේතනාවකින් වුවත් එම කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ජනාධිපතිතුමාගේ කීර්තියට ද දැඩි හානියක් සිදුවන බව පෙන්වාදී ඇති විනිසුරු විකුම් කළුආරච්චි  රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නොහැකිවීම බරපතළ ගැටලුවක් බවත් මෙවැනි නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් පොලිස්පතිවරයා බරපතළ අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු මැඩ පවත්වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වන්නේ යැයිද ප්‍රශ්න කර තිබේ.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහි නඩුවේ කොමිසම භාරයේ ඇති රහස් පොලිස් විමර්ශන ගොනු නඩුවේ සාක්ෂි විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් නොකොට අධිකරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක්කිරීම සම්බන්ධව කරුණු දක්වමින් විනිසුරු මඬුල්ල ඒ බව සඳහන් කෙළේය. නඩුවේ සාක්කි දීම සඳහා කොමිෂන් සභාවේ ලේකම්වරිය සාක්කිකරුවකු ලෙස නම් කිරීම විවේචනය කරමින් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අත්සනින් යුත් ලිපිය කෙරෙහිද විනිසුරු මඩුල්ල දැඩි අප්‍රසාදය හා කනගාටුව පළකර ඇති බවත් වාර්තා වෙයි.

මීට පෙර දිනයක ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරෙන්තු නිකුත් කර සිටි පර්ල් කේ.විරසිංහ අධිකරණ නියෝගය අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විනිසුරු මඩුල්ල එලෙස දෙවැනි වරටත් එලෙස නියම කළේය.

එලෙස නියම කරන ලද්දේ වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනි සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නයනා දිසානායක සහ ඉරෝමී ජයරත්න මෙනවියන් සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න