මෙරටදී කොරෝනා ආසාදනය වූ පළමු ලාංකිකයා හමුවෙයි !

මෙරටදී කොරෝනා ආසාදනය වූ පළමු ලාංකිකයා හමුවෙයි !

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

ඔහු 52 හැවිරිදි  සංචාරක මඟ පෙන්වන්නෙක් වන බවත්  මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව  එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය වෙත පවසා ඇත්තේ  අදාළ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවය. 

කෙසේ වෙතත් එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා MRI පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇත.

මේ අතර නව කොරෝනා වෛරසය මෙරටදී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හදුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ද තහවුරු කර ඇත. 

ඔහුද සඳහන් කරන ආකාරයට ආසාදනය වූ තැනැත්තා සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස ක්‍රියාකල අයෙකු වන අතර ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවා සපයා තිබේ. 

රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න