පූනානි නිරෝධායන මධ්‍යස්ථානය ගැන මැසිවිලි !

පූනානි නිරෝධායන මධ්‍යස්ථානය ගැන මැසිවිලි !

මඩකලපුව පූනානි ප්‍රදේශයේ පිහිටි මඩකලපු විශ්වවිද්‍යාලය තුළ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය අපායක් වැනි ස්ථානයක් බව ඉතාලියේ සිට පැමිණ එම ස්ථානයට යවනු ලැබූ පුද්ගලයෙක් අනිද්දා වෙත පැවසීය.

තමන් ඇතුළු ඉතාලියේ සිට ඩුබායි හරහා පසුගිය මාර්තු 11 වෙනිදා ලංකාවට පැමිණි 40ක පමණ පිරිසක් මෙම ස්ථානයට ගෙනවිත් රැඳවූ බවත් එක කාමරයක පුද්ගලයන් 4 දෙනෙකු සිටින බවත් බොන්නට වතුර හෝ නිසි ලෙස පවත්වාගෙන යන වැසිකිළි පද්ධතියක් හෝ නොමැති බවත් ඔහු කීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකු හෝ නැති මෙම ස්ථානය තුළ නිසි නිරෝධායනයක් සිදුවේදැයි සැක බවයි.

තමා සමග තම ගුවන් යානයේම ඉතාලියේ සිට පැමිණි විදේශිකයන් නිරෝධානය හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතිව රට තුළට නිදහස් කළ බවත් ශ්‍රී ලාංකිකයෙකු වූ තමන් පිරිස අපායක් වැනි තැනකට ගාල් කර නොසලකා හැර ඇති බවත් ප්‍රකාශ කරන ඔහු විමසා සිටින්නේ අට තුළට නිදහස්වන විදේශිකයන් මාර්ගයෙන් වෛරසය පැතිරීමේ අවදානමක් නැතිද යන්නයි.

මෙම විශ්වවිද්‍යාලයේ තමන් සිටින පරිශ්‍රයේ 40 දෙනෙකු පමණ සිටින බවත් එම පිරිස අතර කාන්තාවන් 3 දෙනෙක් සහ ළමුන් 4 දෙනෙකුද සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම පිරිස රැඳී සිටින ස්ථානය වැනි ස්ථාන හතරක් පමණ මෙම පරිශ්‍රයේ පිහිටා ඇති බවය.

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලදී ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව ඒවායේ රඳවා සිටින කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහරිමින් සිය අදහස් පළ කර ඇත.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න