මෛත්‍රී හාන්සියි : CBK වෙතින් පිටු 12ක දැඩි ලිපියක් !

 මෛත්‍රී හාන්සියි : CBK වෙතින් පිටු 12ක දැඩි ලිපියක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරිම ශීර්ෂ කොට දක්වමින් දැඩි විවේචනාත්මක ලිපියක් හිටපු ජනාධිපති සහ වත්මන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකිරීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කටයුතු කර ඇත. 

එහිදී හිටපු ජනාධිපතිනිය 2015 දර්ශනය වෙනුවෙන් පෙනී සිටින තමන් ඇතුළු ශ්‍රීලනිප සංවිධායකයන්ව දේශපාලන චරිත වශයෙන් විනාශ කිරීම ඇතුළුව වැදගත් කරුණු රැසක් අවධාරණය කර ඇත. 

තවද තමන්ට එක්සත් ජාතික පක්ෂයට හිතවත් බවට සිරිසේන ඇතුළු ඔහුගේ ගෝලයන් තබන අවලාද බැහැර කරන බවත් බලය ලබාගැනීම වෙනුවෙන් එජාප මුලස්ථානයවූ සිරිකොතට පස් වරක් ගියේ සිරිසේන මහතා බවත් එපමණක් නොව ජනාධිපතිවූ පසුවත් එජාප නායකයාට "සර් " කියා ඇමතීමට ඉල්ලුවේද සිරිසේන මහතා බවත් සිහිපත් කරමින් එම ලිපියේ සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිනීය එහිදි  වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ  දුෂිත හා ආත්මාර්ථකාමී අරමුණු ඉටුකර ගත නොහැකි බැවින්, ඇතැම් කූඨ දේශපාලන නායකයන් විසින් 2015 උතුම් ව්‍යාපෘතිය විනාශ කරදමා කටයුතු කරමින් සිටින බවය.

එමෙන්ම තම  දේශපාලන පෞරුෂය සහ අනේක දුක් විද තමා  දිනාගෙන ඇති ජනතා විශ්වාසය විනාශ කළ හැකි යැයි සිරිසේන මහතා ඇතුළු  සහචරයන් විශ්වාස කරන්නේ නම්, ඒ පුහු සිහිනයක් බවද හිටපු ජනාධිපතිනිය ලිපියේ අවධාරණය කර තිබේ.

පිටු 13 කින් සමන්විත එම ලිපිය ඇය අවසන් කර ඇත්තේ රුසියාවේ ජේෂ්ඨ සාහිත්‍යධරයෙකු වූ චින්ගීස් අයිත්මාතව්ගේ වැකියක්ද උපුටා දක්වමින්ය. ඒ “උයන් පල්ලාට උයනේ ඇති සියලු රෝස මල් විනාශ කල හැකි වුවද,මල් පිපෙන වසන්තය උදාවිම නම් වළක්වාලිය නොහැකිය” යනුවෙන්ය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් හිටපු ජනාධිපති සිරිසේන වෙත යොමුකළ සම්පුර්ණ ලිපිය පහත දැක්වෙයි.

Letter to Maithri page 001

Letter to Maithri page 002

Letter to Maithri page 003

Letter to Maithri page 004

Letter to Maithri page 005

Letter to Maithri page 006

Letter to Maithri page 007

Letter to Maithri page 008

Letter to Maithri page 009

Letter to Maithri page 010

Letter to Maithri page 011

Letter to Maithri page 012

Letter to Maithri page 013

Maithripala Chandrika

88321479 158394885623164 1868645051064647680 n 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න