මැතිවරණය නවත්වා කොරෝනා පාලනය කරන්න - කැෆේ සංවිධානය දන්වයි !

මැතිවරණය නවත්වා කොරෝනා පාලනය කරන්න - කැෆේ සංවිධානය දන්වයි !

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින  වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්  සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපති වරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.

මේ සම්බන්ධව කැෆේ සංවිධානය නිකුත්කළ නිවේදනයක සඳහන් අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.පවතින අවදානම් කාරී තත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත් වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි.ජන්ද රැලි ගෙන් ගෙට යාම අත් පත්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත් වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.මෙම වෛරසය  හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත් හිටුවා තිබේ.

එලෙස මැතිවරණය  අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය  බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න