අත්‍යාවශ්‍ය සේවාවන්වලට අමතරව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන්ට රජයේ පොදු නිවාඩුව බලාත්මක නොවන්නේ ඒවායේ සේවය කරන නිලධාරීන්ට කොරෝනා වෛරසයට ඔරොත්තු දියහැකි අයයැයි ආණ්ඩුව සිතා සිටින නිසාදැයි ප්‍රශ්නයක් මතුවන බවත් එසේ නොමැතිව මේ මොහොතේ මෙකී කාර්යාලවල ඇති අත්‍යවශ්‍ය හදිසි තත්වය කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව රටට පැහැදිලි ප‍්‍රකාශයක් කල යුතුව ඇති බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභයට දන්වා ඇත.
එම සංගමය විසින් ඊයේ (17) ජනාධිපති වෙත ලිපියක් යොමුකරමින් මේ බව දන්වා ඇති අතර මෙකී ආයතන තුල සේවා කටයුතුවල නියැලෙන බොහෝ නිලධාරීන් පොදු ප‍්‍රවාහන සේවා තුලින් රිජකාරි කටයුතු සඳහා පැමිනෙන්නන් බැවින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි අනතුරකට ඇද වැටීමක් සිදුව ඇති බවත් ආණ්ඩුවේ වෙනත් න්‍යයාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කරවීමට දැනට විවෘත කර ඇති රාජ්‍ය ආයතනවල (අත්‍යවශ්‍ය සේවා නොවන) රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත අනතුරකට නොහෙලා එකී ආයතනවලටද හෙට සිට නිවාඩු ලබාදීමට කටයුතු කරණ ලෙස දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.
තවද එසේ නොකර, එකී ආයතන වල කිසියම් හෝ නිලධාරියෙකු මෙම වෛරසයට ගොදුරු වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණඩුව භාරගත යුතුබැව් තරයේ ප‍්‍රකාශ කරන බවත් එහි අවධාරණය කර ඇත.
කොරෝනා රෝග නිවාරණයට අදාල ක‍්‍රියාමාර්ග තේරීමේදී ආණ්ඩුව ඉතාම දුර්වල ලෙස කටයුතු කරමින් තිබීම සම්බන්ධව තම කණගාටුව මෙන්ම අප‍්‍රසාදය පලකරන බවත් රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිදුකල ලිඛිත දැනුම්දීමේ සඳහන් කර ඇති අතර එම ලිපිය පහත දැක්වෙයි.
ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපති තුමණි,
කොවිඩ් - 19 #Covid-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ නිලධාරීන්ට නිවාඩු ලබාදීම.
මේවනවිට කෝවිඩ් - හෙවත් කොරෝනා වෛරසය ඉතා වේගයෙන් රටතුල ව්‍යාප්තවීමේ දැවැන්ත අනතුරක් මතුව ඇතැයි ඔබතුමාද වටහාගෙන ඇතැයි සිතමු. එහෙත් ඒ සඳහා ප‍්‍රමානවත් පරිදි රෝග නිවාරණයට අදාල ක‍්‍රියාමාර්ග තේරීමේදී ආන්ඩුව ඉතාම දුර්වල ලෙස කටයුතු කරමින් තිබීම සම්බන්ධව අප අපගේ කණගාටුව මෙන්ම අප‍්‍රසාදය පලකරමු.
විශේෂයෙන්ම මෙකී වෛරසය මේ රටතුල නිර්මාණය වූවක් නොවන අතර එය සංචාරකයන් හෝ විදේශගත ශී‍්‍ර ලාංකිකයන් හරහා අපේ රටට පැමිණි බැව් අවිවාදිතය. මේ වෛරසය චීනයෙන් ආරම්භ වී ලෝකය පුරා ව්‍යාප්තවී ඇති අතර එය ව්‍යාප්ත වීම ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා කාලය තුල අපේ රටට පැමිණි සංචාරකයන් හා විදේශගත ශ‍්‍රී ලාංකිකයන් සියල්ලෝම නිරෝධායන කටයුතු සඳහා යොමුනොකල බව අප හැමෝටම පැහැදිලි වන සත්‍යයකි. එවන් තත්වයක් තුල ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පාසා මෙම වෛරසය ශරීරගතවූ වාහකයින් විහිදී තිබීමෙන් දැවැන්ත අනතුරක් මේ මොහොතේ මතුව ඇත.
එහෙත් ආණ්ඩුව මේ වනතුරුත් එකී අනතුර මනාව වටහා ගත් බවක් අපට විද්‍යාමාන නොවන්නේ පසුගිය සඳුදා පමණක් රාජ්‍ය බැංකු හා පුද්ගලික අංශයේ ආයතන සඳහා නිවාඩු ලබාදී අගහරුවාදා සිට නැවත කාර්යාල විවෘත කරීමට ගත් තීරණය ආණ්ඩුවේ අමනෝඥ කි‍්‍රයාවක් බැව් තරයේ ප‍්‍රකාශ කරමු.
කරුණු එසේ තිබියදී සදුදා රාතී‍්‍ර 9.30 ට රජයේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයකදී බන්දුල ගුනවර්ධන ඇමතිවරයා ප‍්‍රකාශ කරණු ලැබූයේ මොනම හේතුවක් නිසාවත් ඉදිරි දින තුන නිවාඩු ලබාදිය නොහැකි යයිද සිකුරාදා සිට නැවත සලකා බලන බැව්ද ප‍්‍රකාශ කලේ ඉතාම නිර්ලජ්ජිත ලෙස මෙරට ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරමිනි.එසේ ප‍්‍රකාශකර පැය 2.1/2 ක් ගතවනවිට නැවත ආණ්ඩුවේ නිවේදනයක් මගින් කියවුනේ අත්‍යවශ්‍ය සේවාවන්, බැංකු හා දිස්ත‍්‍රීක් ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් ආයතන සඳහා නිවාඩු ලබාදී ඇති බවය.
මෙහිදී අපට මතුවන ගැටළුව නම් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් මෙකී වෛරසයට ඔරොත්තු දියහැකි අයයැයි ආණ්ඩුව සිතා සිටින නිසාදැයි අපට හැගේ, එසේ නොමැතිව මේ මොහොතේ මෙකී කාර්යාලවල ඇති අත්‍යවශ්‍ය හදිසි තත්වය කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව රටට පැහැදිලි ප‍්‍රකාශයක් කල යුතුව ඇත.
කෙසේ වෙතත් මෙකී ආයතන තුල සේවා කටයුතුවල නියැලෙන බොහෝ නිලධාරීන් පොදු ප‍්‍රවාහන සේවා තුලින් රිජකාරි කටයුතු සඳහා පැමිනෙන්නන් බැවින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි අනතුරකට ඇද වැටීමක් බැව් අප අවධාරණය කරන අතර, ආණ්ඩුවේ වෙනත් න්‍යයාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කරවීමට දැනට විවෘත කර ඇති රාජ්‍ය ආයතනවල (අත්‍යවශ්‍ය සේවා නොවන) රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත අනතුරකට නොහෙලා එකී ආයතනවලටද හෙට සිට නිවාඩු ලබාදීමට කටයුතු කරණ ලෙස දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලන අතර එසේ නොකර, එකී ආයතන වල කිසියම් හෝ නිලධාරියෙකු මෙම වෛරසයට ගොදුරු වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණඩුව භාරගත යුතුබැව් තරයේ ප‍්‍රකාශ කරමු.
ස්තූතියි.
මෙයට,
චන්දිම විමලසුරේන්ද්‍ර
ප‍්‍රධාන ලේකම්
සංගමයේ නියමය පරිදි.
පිටපත්
1. අගමැති, මහින්ද රාජපක්ෂ මැතිතුමා,
2. රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,
3.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්, එස්.හෙට්ටිආරච්චි මැතිතුමා,
4. සියලූ ජනමාධ්‍යවෙත

