ජීවිත අවධානමේ දාන්න එපා - මානවවාදී තීන්දුවක් ගන්න : ජාතික භික්ෂු පෙරමුණ ආණ්ඩුවට දන්වයි !

ජීවිත අවධානමේ දාන්න එපා - මානවවාදී තීන්දුවක් ගන්න : ජාතික භික්ෂු පෙරමුණ ආණ්ඩුවට දන්වයි !

කොරෝනා වෛරසයේ බලපෑමෙන් ආණ්ඩුව ප්‍රශංසනීය පියවර රාශියක් ගෙන ඇති නමුත් ඇතැම් පියවරයන්හි ඇති දුර්වලතා හමුවේ ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය උස්සන්න වීමේ අවධානමක් ඇති බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.

විවෘත නිවේදනයක් නිකුත් කරමින් ජාතික භික්ෂු පෙරමුණ මේ බව අවධාරණය කරන අතර මෙම රෝගය පැතිර ගිය ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ලංකාවේ පැතිරෙන වේගය වැඩි බවයි සෞඛ්‍ය අංශ වාර්තා මගින් පෙන්නුම් කරන බවත් ඒ හමුවේ අද පවතින තත්වය සැලකිල්ලට ගන්නේ නම් දැනට කැඳවා ඇති මහ මැතිවරණය පැවැත්වීම ඉතාම අවාදානම් සහිත බව බැලූ බැල්මටම පෙනීයන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

එබැවින් රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආත්මාර්තකාමී දේශපාලන කෝණයෙන් බලා තීන්දු ගන්නවා වෙනුවට රටත්, ජනතාවත් පිළිබඳ මානව වාදී කෝණයෙන් බලා තීන්දුගෙන වහාම පාර්ලිමේන්තුව කැඳවා, ප‍්‍රකාශයට පත්කර ඇති මහ මැතිවරණය කල් තබා රටත් ජනතාවත් සුවපත් කරගැනීමේ මෙහෙයුම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමන්ට හා කැබිනට් මණ්ඩල ප‍්‍රධාන ආණ්ඩුවට යෝජනා කර සිටින බවත් එම නිවේදනය තුළ අවධාරණය කර ඇත.

මේ සම්බන්ධව ජාතික භික්ෂු පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි "කොරෝනා වෛරසය පැතිරීම සැලකිල්ලට ගෙන ජනතා ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණය කල්දැමීම සුදුසු බවට කරන යෝජනාව'   මැයෙන් නිකුත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

කොරෝනා වෛරසය පැතිරීම සැලකිල්ලට ගෙන ජනතා ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණය කල්දැමීම සුදුසු බවට කරන යෝජනාව  
මේ වන විට වේගයෙන් ශී‍්‍රලංකාව තුළ පැතිරයන කොරෝනා වෛරසයේ බලපෑම අධිකවී ඇත. මෙම රෝගය පැතිර ගිය ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ලංකාවේ පැතිරෙන වේගය වැඩි බවයි සෞඛ්‍ය අංශ වාර්තා මගින් පෙන්නුම් කර තිබන්නෙ. එකී තත්වය හමුවේ ආණ්ඩුව ප‍්‍රශංසනීය පියවර රාශියක් ගෙන ඇති අතර ඇතැම් පියවරයන්හි පවතින දුර්වලතා මෙකී තත්වය උස්සන්න කිරීමට සාධකවී ඇතිබව අපගේ විශ්වාසයයි.
 
කෙසේ වෙතත් අද පවතින තත්වය සැලකිල්ලට ගන්නේ නම් දැනට කැඳවා ඇති මහ මැතිවරණය පැවැත්වීම ඉතාම අවාදානම් සහිත බව බැලූ බැල්මටම පෙනී යයි. මැතිවරණය සඳහා ජනතාව ඒකරාශි කොට තම ප‍්‍රතිපත්ති හඳුන්වා දී ජනතාවගේ ජන්දය  ලබාගත යුතුව ඇත. එසේම ජනතාව මුණගැසීම සඳහා ගෙයින් ගෙට යා යුතුව ඇත. මේ කිසිවක් වර්තමාන තත්වය හමුවේ කළ නොහැක. එසේ කිරීම සුදුසුද නැත. ඒ නිසාම ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් සිය මහජන රැස්වීම්, ජනතාව හමුවීම් ආදිය නතර කර ඇත. එය අපි අගේ කරන්නෙමු.

තවද මැතිවරණය යම් හෙයකින් පැවැවීමට තීන්දු කරන්නේ නම් ජන්ද  පෝලිම් සඳහා ඇදී එන ජනතාව මෙම මාරාන්තික වෛරස් ආසාදනයට කැඳෙව්වා වන්නේය. එසේම ජන්ද  පොලේදී භාවිතා කරන පැන්සල පවා වෛරස් මාරයා අරක්ගත් ද්‍රව්‍යයක් විය නොහැක්කේද? ජනතාව ඡන්‍ද පොළට ඒම ඉතාම අල්පවිය නොහැක්කේද? ජනතාව ජන්ද  පොළට ඒමට උනන්දුවක් නොදක්වන්නේ නම් එසේ පවත්වන ජන්දය  ඵල රහිත වේද?

වර්තමාන ආණ්ඩුවේ ආයුෂ 2020 සැප්තැම්බර් 02 දක්වා තිබියදී කල්තියා විසුරුවා හැරීම අප ආරම්භයේ සිටම ප‍්‍රතික්‍ෂේප කළ කරුණකි. එය නිසි කලට විසුරුවීමට කටයුතු කළේනම් අද ඇතිවී තිබෙන අවුල් සහගත තත්වය වෙනුවට පාර්ලිමේන්තුව කැඳවා සර්ව පාක්ෂික කමිටුවක් මගින් ඉතා සාධනීය කි‍්‍රයාදාමයක් කි‍්‍රයාත්මක කළ හැකිව තිබුණි. ඒ සඳහා තවමත් ප‍්‍රමාද නැතැයි විශ්වාස කරන අපි රට පත්ව ඇති ව්‍යසන කාරී තත්වය ආත්මාර්තකාමී දේශපාලන කෝණයෙන් බලා තීන්දු ගන්නවා වෙනුවට රටත්, ජනතාවත් පිළිබඳ මානව වාදී කෝණයෙන් බලා තීන්දුගෙන වහාම පාර්ලිමේන්තුව කැඳවා, ප‍්‍රකාශයට පත්කර ඇති මහ මැතිවරණය කල් තබා රටත් ජනතාවත් සුවපත් කරගැනීමේ මෙහෙයුම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමන්ට හා කැබිනට් මණ්ඩල ප‍්‍රධාන ආණ්ඩුවට යෝජනා කර සිටින්නෙමු.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න