නාම යෝජනා දීමට : කොරෝනා පාලනයකට පැණවූ ඇඳිරි නීතිය හකුළුවාගෙන !

නාම යෝජනා දීමට : කොරෝනා පාලනයකට පැණවූ ඇඳිරි නීතිය හකුළුවාගෙන !

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව, කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා ඉවත් කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි. 

පොලිසිය පවසන  ආකාරයට ඒ 2020 මහමැතිවරණයේ නාමයෝජනා භාරගැනීමේ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහාය.

මේ පසුබිම ඊයේ ඇඳිරි නීතිය පනවන පොලිස් නිවේදනය තුළ සඳහන් කර තිබුණි.නමුත් ප්‍රශ්නය වන්නේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සහ මැඩලීමට ලෝකයේ අතිශය දියුණු රටවල් වලට පවා දුෂ්කරවීමේ අවධානම මෙරට  බලධාරීන් විසින් තක්සේරු කර ඇති ප්‍රමාණය සහ ගුණය සම්බන්ධවය.

මන්ද ඔවුන් එය  මෙරට පැවති සිවිල් යුද්ධය හමාර  කළ  ආකාරයට ජයගත හැකි බවට තක්සේරුවක සිටින බවක් පෙන්නුම් කරයි.

නමුත් ජාත්‍යන්තර මෙන්ම දේශීය සෞඛ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වන්නේ කොරෝනා වෛරසය ජීව අවියක් බඳු බවයි.

එබැවින් මහ මැතිවරණය ඉලක්ක කර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග හැකිලීම පැහැදිලි අවධානමක් බව අවධාරණය කළ යුතුව ඇත. කොරෝනා ව්‍යාප්තිය කල් දැමිය නොහැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න