Language Switcher

V2025

ජනතාව ඉල්ලුවේ කොරෝනාවලට විසඳුමක් : ජනාධිපතිගෙන් ලැබුණේ දේශපාලන කතාවක් - මනුෂ

කොරෝනා වෛරසයට රටක් ලෙස මුහුණ දෙන ආකාරයට ගැන ජනාධිපතිවරයාගෙන් සාධනීය පිළිතුරක් ජනතාව අපේක්ෂාවෙන් සිටියත්, ජනාධිපතිවරයා ජාතිය අමතමින් බලය ලබාගැනී ගැන පමණක් අවධානය යොමු කරමින් දේශපාලන කතාවක් සිදුකළ බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ගාල්ලේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මෙසේද සදහන් කළේය.

ජනාධිපතිතුමා ජාතිය අමතන විට, රට ඇතිවී තිබෙන ව්‍යවසනයයෙන් බේරීම සදහා සාධනීය පිළිතුරක් ජනතාව අපේක්ෂාවෙන් සිටියා. තොරතුරු වාර්තාකරණයක් සදහා බලය සදහා ඉල්ලීමක් තමයි ජාතිය ඇමතීමෙන් දුටුවේ. දැන් තිබෙන්නේ ව්‍යවසනකාරී තත්වයක්. වසංගත තත්වයකට මුහුණදීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවක් අපි දුටුවේ නැහැ. තමන්ට ජනතාවට සහන ලබාදීමට නොහැකිවූ බවත්, බලයක් නොමැතිවිම නිසා මේ ආකාරයට සහන ලබාදීමට නොහැකිවූ බවත් තමයි ජනාධිපතිවරයා තමන්ගේ ජාතිය ඇමතීමේ කතාවේදී සිදුකළේ.  නමුත් සහන ලබාදීම සදහා ඔ්නෑම ආකාරයකින් සහන ලබාදීමට සූදානම් බව අපි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අය වැයක් ඉදිරිපත් කිරීමට පසුගිය කාල‌යේදී ඔ්නෑ තරම් අවස්ථාව තිබුණා. එහෙත් ජනතාවට සහන ලබාදුන්නේ නැහැ. ඒ සදහා කිසිම උවමනාවක් තිබුණේ නැහැ. අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළත් අනාගතය සදහා ණය ගැනීමේ සීමාව ඉහළ දමාගැනීමට තමයි උත්සාහ ගත්තේ. ණය ගැනීමේ සීමාව ඉහළ දමාගැනීමට සහාය ලබාදිය නොහැකි බවත්, බිල්පත් ගෙවීමට හා ජනතාවට සහන ලබාදීමට ගෙන එන යෝජනා සදහා සහාය ලබාදෙන බව අපි ප්‍රකාශ කළා. ඒකට එකග නොවූ ආණ්ඩුව මේක යළිත් අකුලාගත්තා. ඉන් පසුව ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මුදල් ලබාගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනා. නමුත් ජනාධිපතිවරයා ඒ ආකාරයට සහන දුන්නේ නෑ.

අනෙක් අතට ජනතාවට සහන ලබාදීම සදහා තුනෙන් දෙකක බලයක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කරනවා. කොරෝනා ගැන කතා කරනවාට වඩා මහින්ද රාජපක්ෂ යටතේ අලුත් ආණ්ඩුවක් හදනවා, ඒකට බලය ලබාදෙන්න කියලා තමයි කිව්වේ. ඊයේ ජාතිය අමතමින් පරිප්පු මිල අඩු කරන්න කියන දෙයක් ජනතාව බලාපොරොත්තු වුනේ නැහැ. සැමන් මිල අඩු කිරීමක් අපේක්ෂා කළේ නෑ. ජනාධිපතිවරණයෙන් පසුව වැඩ කරන්න බැරිව, ඊළග ඡන්දයෙන් බලය ගන්න සහනාධාර දෙන හැටි ගැන කියන දේශපාලන කතාවක් කළා. පරිප්පු මිල අඩු කිරීම, සැමන් මිල අඩු කිරීම, ණය කපා හැරීම යන තුනම මැතිවරණය ඉලක්ක කරගෙන ඡන්ද පොරොන්දු ලබාදීමක්. මේ බඩු මිල අඩු කිරීම හොදයි. හැබැයි ණය කපනවා කියලා දේශපාලන කතාවක් පමණක්‌ නොකර ඒ සදහා මහ බැංකුව විසින් බැංකුවලට අදාල නියෝග නිකුත් කරන බවට සහතික විය යුතුයි. ජනවාරි මාසයේදීත් මේ වගේ ප්‍රකාශ කළත් ඒවා සැබවින්ම ක්‍රියාත්මක නොවුන බව මතක් කළ යුතුයි.

පසුගිය ජනාධිපතිවරණය අවසාන වන විට සමෘද්දිමත් දේශයක් ඇති කිරීම සදහා පොරොන්දු මල්ලක් දුන්නා. ස්ථිර ආදායම් නොමැති අයට වියලි ආහාර සලාකයක් දෙනවා කිව්වා. ජල බිලයට සියයට පහොලාවක සහනයක් දෙනවා කිව්වා. ගෑස් සිලිනඩරයකට රුපියල් සියයක සහනයක් ලබාදෙන බව කිව්වා. විදුලි පරිභෝජනය ඒකක තිහකට වඩා අඩු නම් සියයට විසි පහක සහනයක් දෙනවා කිව්වා. මේ සහන ලබාදෙනවා වෙනුවට අද විදුලි බිල ඉහළ දැමීමට තමයි මේ උත්සාහ ගනිමින් සිටින්නේ. භූමිතෙල් සහනාධාරය ඉහළ දමනවා, ගැබිනි මව්වරුන්ට රුපියල් දෙදහසක දීමනාවක් දෙනවා කිව්වා. අපි ගැබිනි මව්වරුන්ට දුන්න පෝෂණ මල්ලත් දැන් කපා හැරලා තියෙන්නේ. වසරක පාසල් දරුවන්ට නිල ඇදුම් කට්ටල දෙකක් දෙනවා කියලා කිව්වා. මෙච්චරකල් ලැබුණ නිල ඇදුමින් භාගයයි ලැබුණේ. දරුවන්ට පෝෂදායී ආහාර වේලක් දෙනවා කිව්වා. දුන්නද? ජනාධිපතිවරණය ජයගත් වහාම වතු කම්කරුවෙක්ගේ වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන බව ප්‍රකාශ කළා. මේ ආකාරයට රුපියල් දාහක් ලැබෙන වතු කම්කරුවෙක් ඉන්නවාද කියලා අපි නම් දන්නේ නෑ. බරපතල රෝගාබාධවලින් පෙලෙන අයට රුපියල් දෙදහස් පන්සියයක් දෙනවා කියලා කිව්වා. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අයට රුපියල් පන්දහසක් දෙනවා කිව්වා. ගොඩ මඩ පෝර දෙකම නොමිලේ දෙනවා කිව්වා. මේ පොරොන්දු ඉටු නොකළා විතරක් නෙමෙයි අද සල්ලිවලටවත් පොහොර ලබාගැනීමට හැකියාවක් නෑ.

මේ ආකාරයට සහන මල්ලක් දෙනවා කියලා කිව්වට කිසිම සහනයක් ලබාදී නෑ. රාජපක්ෂ ආණ්ඩුව දුන්න පොරොන්දු කිසිවක් දීලා නැහැ. මේ ආණ්ඩුව තමන් දුන් පොරොන්දු ඉටු නොකිරීමට හේතු ඉදිරිපත් කරමින් බලය ඉල්ලනවා. තුනෙන් දෙකක බලයක් ඉල්ලා මරු විකාරෙන් කෑ ගහනවා. දැන් රටේ තියෙන්නේ ව්‍යවසනකාරී තත්වයක්. ඡන්දය කරන්න මිනිස්සු ඉතිරි වෙලා ඉන්න ඔ්න. මේ නිසා කොරෝනා වෛරසයට මුහුණදීම සදහා ඔ්නෑම කැපකිරීමක් කිරීමට අපි සූදානම්. නමුත් රජය ඒ සදහා සහාය ලබගන්නේ නැතිව මැතිවරණයකට සූදානම් වෙන්නේ බලයට තිබෙන කෑදරකම නිසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන විට කිසිදු පියවරක් නොගත් ආරක්ෂක ඇමැතිවරයා රාජපක්ෂවරුත් එක්ක එකතුවෙලා දැන් ඡන්දෙ කරනවා.

මේ අයට කොරොනා වෛරසයෙන් ජනතාවට කොතරම් බලපෑමක්, හානියක් වෙනවාද කියන එකට වඩා රාජපක්ෂවරුන්ට වැදගත් වෙලා තියෙන්නේ බලය තහවුරු කරගන්නේ කොහෙමද කියන එක විතරයි.

මේ වන විට සමගි ජන බලවේගය විදියට නාම යෝජනා භාරදෙනවා. රටේම ජනතාවගේ කැමැත්ත තියෙන්නේ දූෂණයෙන් තොර දේශපාලඥයින්ට. උගත් දේශපාලඥයින්ට. හොකරම්, බලුකම් නොකළ දේශපාලඥයින්ට. ඒ සදහා අවශ්‍ය කණ්ඩායම සමගි ජන බලවේගය හරහා අපි ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සුපුරුදු, ඇවන්ගාඩ් හොරු, ඩීල් කාරයින්, දූෂිතයින් තමන්ගේ ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. පොදුජන පෙරමුණත් දූෂණයට සම්බන්ධ තමන්ගේ පුරුදු කණ්ඩායම ඉදිරිපත් කර තිබෙනවා. වියත්තු මහ මග. වියත්තු පාර්ලිමේන්තුවට එවමු කිව්වට, ගෝඨාභය රාජපක්ෂ‌ගේ වියතුන්ට නාම යෝජනා ලැබිලා නෑ. මහින්ද රාජපක්ෂගේ පරණ නඩයම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

සමගි ජන බලවේගය ගැන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කහින දේශපාලඥයින්ට කතා කරන්න බෑ. සමගි ජන බලවේගයේ නීත්‍යානුකූලභාවය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිගෙන තිබෙනවා. හෙට දහවල් දොළහින් පසුව මේ කතා සියල්ලම අවසන් වේවි. අපි සින්නක්රවම පක්ෂයක් අරගෙන තමයි කටයුතු කරන්නේ. මහ මැතිවරණයෙන් පැහැදිළි බහුතරයක් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ බලයත් අපි අරගන්නවා.