සැබෑ සතුරා රාජපක්ෂලා මිස රනිල් හෝ අලියා නොවෙයි : මංගල දුරකතනයට කරුණු පහදයි !

සැබෑ සතුරා රාජපක්ෂලා මිස  රනිල් හෝ අලියා නොවෙයි : මංගල දුරකතනයට කරුණු පහදයි !

මෙම මහ මැතිවරණයට 'සමගි ජන බලවේගයෙන්' ඉදිරිපත් වුවද අපේ මව් පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව කිසිඳු විටෙක අමතක නොකරන ලෙසත්, එහි නායක රනිල් වික්‍රමසිංහට හෝ 'අලියා' ලකුනුන් මාතරින් ඉදිරිපත්වන හිටපු අමාත්‍ය සාගල රත්නායක ඇතුළු එම කණ්ඩායමේ කිසිඳු අපේක්ෂකයකුට එරෙහිව අවලාද අපහාස නොකරන ලෙසත් හිටපු අමාත්‍ය මංගල සමරවීර 'දුරකථනය' යටතේ මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙවර මහ මැතිවරණයට 'සමගි ජන බලවේගයේ' මාතර දිස්ත්‍රීක් නායකයා ලෙස ඉදිරිපත්වන මංගල සමරවීර එබව සඳහන් කර ඇත්තේ, පෙරේදා (16) දිනයේ මාතර දිස්ත්‍රීක් ලයිස්තුවේ අපේක්ෂකයින් කැඳවා සිදුකරනු ලැබූ සාකච්ජාවක දීය.මෙවර මහ මැතිවරණය සඳහා 'සමගි ජන බලවේගය' පිහිටවුයෙත්, එහි නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස නම් කලෙත්, මහ ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාරගේ නමට එකඟතාවය පලකලෙත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බව ඉහත හමුවේදී සිහිපත් කර ඇති මංගල සමරවීර, කෙසේවුවද මැතිවරණයට ඉදිරිපත්විය යුතු ලකුණ සම්බන්ධයෙන් පැනනැගුන අවුල විසඳීමට තමා දෙපාර්ශවය සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වුවද එය ආසාර්ථක වූ බව බලවත් කනස්සල්ලෙන් යුතුව සඳහන් කර තිබේ.

අපගේත් රටෙත් සැබෑ හතුරා 'රාජපක්ෂවරුන්' බව හොඳින්ම සිහිතබා ගන්නැයි දමංගල සමරවීර එහිදී වැඩිදුරටත් පවසා ඇත.  

මෙම හමුවට මාතර දිස්ත්‍රීක් 'දුරකථනය' ලැයිස්තුව නියෝජනය කරන බුද්ධික පතිරණ හැරුන කොට අනෙකුත් සියලුම අපේක්ෂකයින් සහභාගී වී තිබිණ.

බුද්ධික පතිරණ එදින එම හමුවට සහභාගී වී නොමැත්තේ ඔහු එදින නාමයෝජනා අත්සන් කර නොතිබුන හෙයිනි.

ඔහුගේ උපන් දිනය දී තිබු ඊයේ (17) දිනයේ ඔහු සජිත් ප්‍රේමදාස ඉදිරිපිට නාමයෝජනා අත්සන් කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න