දයාසිරි අවසන් මොහොතේ නාම යෝජනා අත්සන් කරයි !

දයාසිරි අවසන් මොහොතේ නාම යෝජනා අත්සන් කරයි !

කුරුණෑගල දිස්ත්‍රික් ‌පොහොට්ටු ලයිස්තුවෙන් තරග වැදීම සදහා අවසාන ‌මොහොතේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර  ඊයේ (18) සවස අත්සන් තැබීය.

ඊයේ  දහවල් වන තුරුම ශ්‍රිලනිප මහ ලේකම්  ජයසේකර  සිටි ස්ථාවරය වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් එක් නාමයෝජනාවක් ශ්‍රීලනිපයට ලබා දීමට ‌පොහොට්ටුව කටයුතු ‌නොකරන්නේ නම් තමන් ‌වෙනම ශ්‍රීලනිපයෙන් කුරුණෑගලට තරග කරන ස්ථාවරයේය.

නමුත් ‌පොහොට්ටුව දුමින්ද දිසානායක නියෝජනය කරන අනුරාධපුරයට සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට එසේ වැඩිපුර නාමයෝජනාවක් ලබා දුන්නද කුරුණෑගලට එය ලබා දීමට කටයුතු කළේ නැත.

ඒ අනුව වැඩිපුර නාමයෝජනාවක් ‌නොමැතිවම ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර  ඊයේ සවස ‌පොහොට්ටුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයටම ‌ගොස් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තැබීමට පියවර ‌ගෙන තිබිණ.එසේම නාම යෝජනා අත්සන් කිරීමෙන් පසුව ඔහු දිස්ත්‍රික්ක 4ක් සඳහා ශ්‍රිලනිපය තනිව තරග කිරීමේ නාම යෝජනා සඳහා අත්සන් කර ඇති අතර ඒ ශ්‍රිලනිප මූලස්ථානයේ දීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න