ජනාධිපති ලේකම් විසින් හමුදාපතිට දුන්න උපදේශයෙන් : වැඩ කරන ජනයා අනතුරේ !

ජනාධිපති ලේකම් විසින් හමුදාපතිට දුන්න උපදේශයෙන් : වැඩ කරන ජනයා අනතුරේ !

අපනයන අරමුණින් නිෂ්පාදන කටයුතු කරන කර්මාන්ත ශාලා දිගටම නිශ්පාදන කටයුතු කරන බවට වග බලා ගන්නා ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

යුද හමුදාපතිවරයාට එම දැනුම්දීමේ ලිපිය කම්කරැ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට ද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයාට ද ආයෝජන මන්ඩලයේ සභාපති වරයාට ද යවා තිබේ.

අත්‍යවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමෙන් පසු මෙම පියවර ගතයුතු බව එම ලිපිය සඳහන් කරන නමුත් නිදහස් වෙළද කලාපයේ හෝ තේ වතුකරයේ හෝ එවැනි පියවර ගැනීමට කිසිදු ඉඩක් නොමැත. මෙම පියවර විසින් සිදුවනු ඇත්තේ දස දහස් ගණන් වැඩකරන ජනයා මහත් අනතුරකට හෙලීමකි.

රජයේ වෛද්‍ය සංගමයේ ඉල්ලීම නොසලකමින් ....

ජනාධිපති ලේකම්වරයා මෙසේ නොසැළකිලිමත් පියවරක් නිර්දේශ කර ඇත්තේ ඔවුන්ගේම සහායක බලකායක් වූ රජයේ වෛද්‍ය සංගමය ශ්‍රී ලංකාවේ තත්වය ඉතාලියට වඩා නරක් විය හැකි බැවින් රට පුරා ඇදිරි නීති පැනවීමක් හා සමාන තත්වයක් වන රටම වසා දැමීමක් කළ යුතු යැයි ඉල්ලා තිබිය දී ය.

මේ සම්බන්ධයෙන් ට්විටර් පනිවිඩයක් යවන ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රශ්ණ කර සිටින්නේ මෙවැනි පියවරක් වසංගතය පාලනය කිරීම හරස්ව නොයන්නේ ද යන්නයි.

එම පණිවිඩයට ප්‍රතිචාර දක්වන ආචාර්‍ය අසංග වැලිකළ කියා ඇත්තේ මෙම ලිපියෙන් එක්කෝ වැඩක් නොවන බවත් නැත්නම් එහි නරකම විපාකය ලෙස යුදකරණයේ ආරම්භය ඇති වන බවත් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සමාජ දුරස්ථර බව පවත්වා ගැනීම මෙම ජනාධිපති නියෝගය නිසා අහෝසි වී යයි.

මෙම ලිපිය නිකුත් කරන ලද බ්‍රහස්පතින්දාම සෞඛය ඇමැතිවරිය කියා තිබුණේ රට වසා දැමුවහොත් ආර්ථිකයට විශාල පාඩුවක් වන බැවින් එය කිරීම අවශ්‍ය නැති බවයි.

එමෙන්ම ඇය “ජනාධිපතිවරයා වසංගතය මැඩළීමට යුද හමුදාව මත විශ්වාසය තබා තිබෙන බවත් යුද හමුදාව බුද්ධි අංශ යොදා ගෙන නව කොරෝනා රොගීන් සොයා යන බවත් සදහන් කර තිබුනි.

ජනාධිපති ලේකම් විසින් කරන ලද මෙම නියෝගය කොරෝනා වසංගතය උපයෝගී කර ගනිමින් යුද හමුදාවට වඩ වඩා බලතල පැවරීමකි.

වසංගතය පැතිරීම නොසළකා මහ මැතිවරණය පැවැත්විය යුතු බවට තර්ක කළ ජනාධිපතිවරයා විසින් දැන් ගෙන ඇති මෙම තීරණය වසංගතය රට පුරා බෝ වීමේ අනතුරක් ළඟා කරයි.

(srilankabrief.org)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න