Language Switcher

V2025

කොරෝනා වසංගතය අස්සේ : පොහොට්ටු ඇමති මිලිටරි පාලනයක් ඉල්ලයි !

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම අවසන් වන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර පවසයි.

ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්‍රාර්ථනාව බවත් ඔහු සඳහන් කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින්  වන අතර එම සටහන පහත දැක්වෙයි.

Screenshot 20200321 110556

සහය දෙන්න විපක්ෂය සූදානම් : ඒත් ආණ්ඩුව ?

හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මෙසේ මිලිටරි හෝ ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටින්නේ  කොරෝනා වෛරසය පාලනය කිරීමට විපක්ෂයේ නායකයින් ආණ්ඩුවට සහයදීමට ඉදිරිපත්ව සිටින මොහොතකය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම තත්ත්වය මත පක්ෂ නායක රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලාසිටිය ද රජයෙන් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

මේ අතර සමගි ජාතික බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ මේ  මොහොතේ සියලු දෙනා දේශපාලන වුවමනාවන් පසෙකලා කටයුතු කළ යුතු බවය.

මැතිවරණයක් පැවැත් වීමට නොව මිනිසා ජීවිත් කර විය යුතු කාලයක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින්ද දිගින් දිගටම අවධාරණය කර සිටින්නේ මතුව ඇති තත්ත්වයේ බරපතළතාව සැළකිල්ලට ගෙන සියලු පක්ෂ සහ වගකිව යුතු ආයතන එක්කර විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට  සාමුහිඛ ප්‍රයත්නයක් දැරිය යුතුව ඇති බවය. මේ සම්බන්ධව අවශ්‍ය සහය දීමට තම පක්ෂය සූදානම් බවත් ඔවුන් අවස්ථා කිහිපයකදීම දන්වා ඇත.

තවද හිටපු අමාත්‍ය මංගල සමරවීර ට්වීටර් පණිවිඩයක් තබමින් පවසන්නේ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශය මත වෛද්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයකු පත්කිරීම වඩාත් සුදුසු බවයි.

එහිදී ගනු ලබන තීන්දු හා තීරණ හමුදාව හා පොලිසියේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීම වඩාත් ඵලදායක බව ඔහුගේ අදහසයි.

ත්‍රස්තවාදය මැඩලීමට යුද්ධ කලාක් මෙන් මෙවැනි භයානක වෛරසයක් මැඩලිය නොහැකි බවත්  ඒ සඳහා වෙනයම් වූ ක්‍රමෝපායන් යොදාගත යුතු බවත් සිය ට්වීටර් පණිවිඩයේ සඳහන් කරන්න හිටපු අමාත්‍ය මංගල සමරවීර කටයුතු කර ඇත.

mangala twite

මුට්ටිය දමා බැලිල්ලක් !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරක අදහස වී ඇත්තේ ජනතා ජීවිත ගැන වෙනුවට ජනාධිපතිවරණයේ ලැබූ ජයග්‍රහණය අඛණ්ඩ කර බලය තහවුරු කර ගැනීම එකම අපේක්ෂාව බවට හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන බවය.

මේ රට සහ ලෝකය මුහුණදී ඇත්තේ සෞඛ්‍ය අංශ පෙරමුණේ තබා මුහුණදිය යුතු අභියෝගයක් බවත් සමුදා සහය මිස හමුදා මෙහෙයුමක් මේ තුල නොමැති බවත් එවැන්නක් ගැන සිතීම පවා තත්ත්වය නිවැරදිව හඳුනානොගත් අමනොඥ බව ඔප්පු කිරීම පමණක් බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

එසේම රට අස්ථාවර වීම වළක්වා ගැනීමට මේ මොහොතේ අවශ්‍ය නම් කල යුතුව ඇත්තේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුව යළි කැඳවීම බවත් ඔවුන්ගේ අදහස වී ඇත. ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව ඇතත් ආණ්ඩුවේ ප්‍රධානීන් ඒ ගැන උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැති බවද ඔවුන් පවසයි.

ඒ හමුවේ මිලිටරි පාලනයක් ඒකාධිපති පාලනයක් ගැන කියමින් පෞද්ගලික යෝජනා සිදුකිරීම තුළ පොදුජන පෙරමුණ නියෝජිතයන්ගේ බල උමතුව මිස මානව හිතවාදී බවට කිසිඳු සහතිකයක් නොමැති බවත් ඔවුන් සදහන් කරයි. මේ සම්බන්ධව අවසන් විග්‍රහය එක් පසෙකින් පාර්ලිමේන්තුව විසුරවා හැර කොරෝනා පෙන්වා ඒකාධිපති පාලනයක් වෙනුවෙන් මුට්ටිය දමා බැලීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.