කොරෝනා නිසා : දුරකතනයේ මාධ්‍ය හමු නවත්වයි - මුලස්ථානය වහයි !

කොරෝනා නිසා : දුරකතනයේ මාධ්‍ය හමු නවත්වයි - මුලස්ථානය වහයි !
රටේ උද්ගතව පවතින තත්ත්වය හමුවේ සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස විසින් නැවත දන්වන තුරු 2020/03/20 දින සිට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග කාර්යාලය තාවකාලිකව වසා දැමූ අතර ඊට සමගාමීව මාධ්‍ය හමුද අත්හිටුවා තිබේ.
 
අද (21) සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය හමු අත් හිටුවීම සහ ඉදිරි කටයුතු

රටේ උද්ගතව පවතින තත්ත්වය හමුවේ සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත දන්වන තුරු 2020/03/20 දින සිට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග කාර්යාලය තාවකාලිකව වසා දැමූ අතර ඊට සමගාමීව මාධ්‍ය හමුද අත් හිටුවනු ලැබීය.

කෙසේ වෙතත් මේ තීරණාත්මක මොහොතේ අප වෙත පැවරී තිබෙන සමාජ වගකීම එක මොහොතකින් හෝ මග නොහරින අප,ජනතාව උදෙසා එකී වගකීම නොපිරිහෙලා ඉටුකරන බව දන්වා සිටිමු.

ඒ අනුව අප මාධ්‍ය හමු වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා සහ අප පක්ෂය ,ඊට අනුබද්ධිත අංශ සහ සංවිධාන  විසින් අප හරහා එවනු ලබන දැනුවත් කිරීම්,විශේෂ ප්‍රකාශ සහ පැහැදිලි කිරීමේ වීඩියෝ සහ ප්‍රවෘත්ති නිවේදන වලට මාධ්‍ය අවකාශය සලසා දෙන මෙන් ඉල්ලමි.

ස්තුතියි 

සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය 

රංජිත් මද්දුමබණ්ඩාර
(මහලේකම්)

හරින් ප්‍රනාන්දු
(මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න