සිංගප්පූරුවේ මරණ 2ක් : මවුන්ට් එළිසබෙත් ගියත් බේරීම දුෂ්කරයි !

සිංගප්පූරුවේ මරණ 2ක් : මවුන්ට් එළිසබෙත් ගියත් බේරීම දුෂ්කරයි !
ඊට අනුව මෙම මරණ දෙක අද (21) උදෑසන සිදුව ඇත. සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් එම පුවතේ දැක්වෙන්නේ මෙසේ මියගොස් ඇත්තේ 75 හැවිරිදි සිංගප්පූරු කාන්තාවක් සහ 64 හැවිරිදි ඉන්දුනීසියානු පිරිමි පුද්ගලයකු බවය.
එසේම මෙම කාන්තාවට නිදන්ගත හෘද රෝග සහ අධික රුධිර පීඩනය තිබී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
වඩාත් විශේෂ කරුණ වන්නේ මෙකී කාන්තාව නව කොරෝනා වෛරසය පැවති රටවල හෝ අවධානම් ලෙස නම් කල  කලාප වල සංචාරය කර නොමැති පසුබිමක වෛරසය ආසාදනය වී තිබීමය.
අදාළ කාන්තාව අද මියයාමට පෙර දැඩිසත්කාර ඒකකයේ දින 26ක් ප්‍රතිකාර ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි. 
එමෙන්ම මියගිය ඉන්දුනීසියානු ජාතිකයාද හෘද රෝගියෙකු බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ඔහු ඉන්දුනීසියාවේදී පසුගිය 9 වනදා  නිව්මෝනියා රෝගී ලක්ෂණ පෙන්වීම හේතුවෙන් 13 වනදා වන විට සිංගප්පූරු මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කල අයෙකි. පසුව ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර එම රෝගියා කොවිඩ් 19 "පොසිටිව්" බව අනාවරණය වී ඇත්තේ එහිදීය.
පසුගිය සමයේ සිංගප්පූරුව විදෙස් මාධ්‍ය හඳුන්වාදෙනු ලැබුවේ නවීන තාක්ෂණය පවා උපයෝගී කරගෙන වෛරසය පැතිරීම පාලනය සඳහා ශක්තිමත්ව මුහුණදෙමින් සිටින රටක් වශයෙන්ය. එවැනි පසුබිමක පවා කොරෝනා පාලනය කොතරම් දුෂ්කරද යන්න මේ අවාසනාවන්ත මරණ සාක්ෂි සපයයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න