සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය උපකරණ සහ ඇඳුම් සපයා නෑ - සෞඛ්‍ය වෘත්තීය සමිති

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය උපකරණ සහ ඇඳුම් සපයා නෑ - සෞඛ්‍ය වෘත්තීය සමිති

කොරෝනා රෝගය ආසාධනය වූ රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ඉතා වැදගත් නමුත් ඇතැම් ස්ථාන වලට නිසිලෙස එම අත්‍යාවශ්‍ය උපකරණ සහ ඇඳුම් කට්ටල සපයා නොමැති බවට  සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි චෝදනා කරයි.

මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ චෝදනාව සිදුකළ අතර කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් හමුදාව යොදා ගැනීමේ ගැටළුවක් නැති නමුත් ඔවුන් යෙදවිය යුත්තේ සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි බවත් අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි දැක්වූ අදහස් මෙසේය.

” මේ වසංගත රෝග ඒකකයයි. රෝහල් පද්ධතියයි, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි, එම් ඕ එච් ඔෆිස් ටිකයි පළමුවෙන්ම හරියට මෙහෙයවන්න ඕනේ.අපි දකිනවා තවමත් ඒ වැඩේ හරියට සිද්ධ වෙලා නැහැ කියලා.මෙවැනි වසංගත ආවට පස්සේ ඒවා නවත්වන්න අවශ්‍ය උපකරණ තියනවා. අවශ්‍ය ඇදුම් කට්ටල තියනවා. එතකොට ඒවා එකක්වත් සපයලා නැහැ අවශ්‍ය තැන්වලට. ඒ වෙනුවට දැන් හදලා තියනවා බලකායක් කියලා එකක්.දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේවගේ ඒවට මුහුණ දෙන්න යනකොට අපි දකිනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක් තියනවා. සමහරුන්ට නැහැ. ඒ අයට ලබා දිය යුතුයි. 

බලකායකින් හරි මොකක්හරි එකකින් හරි දැන් විදිමත් වැඩපිළිවෙළකට යන්න අවශ්‍යයි.ආණ්ඩුව මැදිහත් වෙලා, සෞඛ්‍ය අංශ මැදිහත්වෙලා, අපේ වසංගත රෝග ඒකකය මැදිහත්කරගනිමින්, අපි දන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට මේකට මැදිහත්වෙන්න දැනුමක් තියනවා. වෘත්තීය සමිතිත් එක කොටසක්.වෘත්තිය සමිති එක්ක කතා කරලවත් නැහැ.කතා කරලා ඇති ආණ්ඩුවට හිතවත් ඒවත් එක්ක.අපේ රටේ පහුගිය කාලේ ගොඩක් තැන් වලට හමුදා නිලධාරීන් යොදවලා තියනවා.කිසි ගැටළුයක් නැ. හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම අවශ්‍යයි. කොරෝනා මර්දනයටත් හමුදා නිලධාරීන් පාවිච්චි කිරීම කිසිම වැරුද්දක් නැහැ. හැබැයි හමුදා නිලධාරීන් ඉන්න ඕනේ වෛද්‍ය වරුන්ට පහළින්. එහෙම නැත්නම් මේකට අවශ්‍ය මැදිහත්වීම කරන කණ්ඩායම කියන දේවල් කරන්න තමයි හමුදා නිලධාරීන් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපි දකින්නේ නැහැ එවැනි විදිමත් ක්‍රමවේදයක්. දැන් මෙතන ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මේකේ වගකිවයුත්තා වන්නේ වසංගත රෝග අංශය. ඒගොල්ලන්ගේ වැඩපිලිවලත් එක්ක ක්‍රියාකරන හමුදා කණ්ඩායමක් තමයි ඕනේ වෙන්නේ.එවැනි වැඩ පිලිවලකට යා යුතුයි. 

එහෙම නැතුව හමුදාවට භාර දුන්නොත් කොරෝනා වසංගතය මර්දනය කිරීම, ඒක ගැලපෙන්නේ නැහැ. ඒක විදිමත් ක්‍රමයක් නොවෙයි. සෞඛ්‍ය අංශ කරන වැඩපිලිවලට අනිත් අය සම්බන්ධ කරගන්න ඕනේ. ඒකේ වැරුද්දක් නැහැ. ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න