ගුවන් තොටුපළ වැසීමට පෙර නිරෝධායනය නොකර ගෙදර යැවීමක් : බුද්ධි අංශ අනාවරණයක් !

ගුවන් තොටුපළ වැසීමට පෙර නිරෝධායනය නොකර ගෙදර යැවීමක් : බුද්ධි අංශ අනාවරණයක් !

කොරෝනා පාලනය කිරීම සඳහා ජනාධිපති නියෝගයෙන් කටුනායක ගුවන් තොටුපල වසා දැමීමට දින කිහිපයකට පෙර විදෙස් හි සිට පැමිණි  පුද්ගලයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට නොයවා මුදාහැර ඇතැයි ලැබී ඇති පැමිණිලි මත රජයේ බුද්ධි අංශ විසින් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

එම පැමිණිලිවලට අනුව එසේ මුදාහැරීමට බලපෑම් කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පුත්‍රයෙකි.

කටුනායක ගුවන් තොටුපල වසා දැමීමට පැය කිහිපයකය පෙර අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත්‍රයා ඇතුළු විදෙස් හි උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් පිරිසක් දිවයිනට පැමිණිය ද ඔවුන් වහාම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබිණ.

එසේම, රොෂාන් මහානාම, කුමාර සංගක්කාර වැනි පිරිස් ද පසුගිය දින කිහිපයේ දිවයිනට පැමිණි අතර ඔවුන්ව ද විශේෂ සෝදිසි කිරීම් යටතේ නිවෙස් තුලම ස්වයං නිරෝධනයට යොමුකර ඇත.'

'බලතල හා වගකීම් සහිත තනතුරු දරන අයට සමීප සහ හිතවත් පුද්ගලයින් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම වළක්වමින් ප්‍රභූ විවේකාගාරය (VIP Lounge) හරහා යවා ඇති බවට වාර්තා වන්නේ යයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත්කර ඇති නිවේදනයක ද සඳහන් විය.''

නමුත්, ආණ්ඩුවේ දේශපාලනඥයාගේ පුතාගේ බලපෑම් මත මුදාහල පුද්ගලයින් එවැනි වගවීමකට යොමු නොකිරීම ආණ්ඩු පාර්ශවයේ ඇතැමුන් ගේ ද නොසතුටට හේතුවී ඇත.

බලතල හා වගකීම් සහිත තනතුරු දරන අයට සමීප සහ හිතවත් පුද්ගලයින් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම වළක්වමින් ප්‍රභූ විවේකාගාරය (VIP Lounge) හරහා යවා ඇති බවට වාර්තා වන්නේ යයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත්කර ඇති නිවේදනයක ද සඳහන් විය.

සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් !

පාසල් වසා දමමින් කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට වහාම ක්‍රියාත්මක වූ රජය ගුවන් තොටුපළවල් වැසීමට පමාකිරිම තුලින් මුළු රටම අවදානමකට ලක්කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ.

එවැනි ඇතැම් පොස්ටුවල මෙසේ සඳහන් වේ.

අපේ රටට අවදානම් රටවලින් එන මිනිස්සු නිරෝධායනයට ලක් නොකර ගෙවල්වලට යැව්වේ කවුද ?

ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් එක ඇරන් සිටියේ කවුද?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න